කන්ටේනර් රියදුරුගේ හදිසිය කාන්තාවකට දිවි අහිමිකරයි

කන්ටේනර් රියදුරුගේ හදිසිය කාන්තාවකට දිවි අහිමිකරයි

February 2, 2025   04:47 pm

කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් උඩකඩ මාර්ගයට හැරෙන හන්දිය අසලදී කන්ටේනර් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදිකාරිය මියගොස් තිබේ.

ඊයේ (01) රාත්‍රී 08.10 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි. 

ස්කූටර් වර්ගයේ එම යතුරුපැදිය කන්ටේනර් ලොරි රථයේ වම් පස බදෙහි ගැටී පෙරලීගොස් යතුරුපැදිකාරීය ලොරි රථය තුලට විසිවී ඇති බව සඳහන් වේ.

බරපතල තුවාල ලැබූ ඇයව කඩිනමින් රත්නපුර රෝහලට ඇතුලත් කලද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි කාන්තාවකි.

පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, ලොරි රථය යතුරුපැදිය පසුකර යාමට උත්සහ ගැනීමේදී මෙම අනතුර සිදුව ඇති බවත්, ලොරි රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය ඊට හේතු වී ඇති බවත්ය.

සැකකාර රියදුරු කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.