ඩයනාගේ නඩුව අතරතුර නීතිඥවරු උණුසුම් වචන හුවමාරුවක

ඩයනාගේ නඩුව අතරතුර නීතිඥවරු උණුසුම් වචන හුවමාරුවක

March 2, 2023   10:18 am

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (02) කැඳවු අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

අනතුරුව නඩුව පසුවට කල්තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ අගතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම තීරණයට එළඹුණි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (02) කැඳවු අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

අනතුරුව නඩුව පසුවට කල්තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

මේ අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය හා විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව මේ දක්වා සටහන් කරගෙන තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් මේ මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එම නඩු කටයුතු සඳහා නීතිපතිවරයාගේ සහාය ලබා ගැනීමට තමන් තීරණය කරන බව සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඒ බව දන්වමින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකරන බවත් කියා සිටියේය.

නීතිපතිවරයාගේ සහාය ලබාගැනීම තුළින් එම නඩුවට සම්බන්ධ බොහෝ ගැටලු නිරාකරණය කිරීමට හැකි වනු ඇති බවත් මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පැවසීය.

අනතුරුව පැමිණිල්ල ලබන 23 වනදා කැඳවීමට ද නියම වුණි.