ඉන්ධන බවුසරයක් පිපිරී 94ක් මරුට
සයුරෙන් එතෙර

ඉන්ධන බවුසරයක් පිපිරී 94ක් මරුට

October 16, 2024   03:54 pm

ඉන්ධන බවුසරයක් පිපිරීම හේතුවෙන් උතුරු නයිජීරියාවේ පුද්ගලයින් 94 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

එහි සඳහන් වන්නේ එම බවුසරය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ලිස්සා ගොස් කාණුවකට පෙරළී තිබුණි.

ඉන් ඉවතට විසිරී තිබූ ඉන්ධන එකතුකර ගැනීම සඳහා විශාල පිරිසක් එක්වී සිටි බව සඳහන් ය.

එහිදී එක්වරම එම බවුසරය පුපුරාගොස් තිබුණි.

මරණයට පත්වූ ගණන තවත් වැඩිවෙතැයි සෞඛ්‍ය අංශ පැවසීය.