header logo
Vallibel FD
උණුසුම් පුවත්
පහ වසරේ සිසුන්ට පොලීසියෙන් අමානුෂික පහරදීමක්
Nov 06, 202208:24 PM
පහ වසරේ සිසුන්ට පොලීසියෙන් අමානුෂික පහරදීමක්
Mobitel 1278

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වන වසරේ සිසුන් පිරිසකට පොලීසිය පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසයි.

පොලීසිය පැවසුවේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පාර්ශ්වයෙන් ක්‍රියාත්මක බවය.

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කනිෂ්ඨ පාසලක පස්වන ශ්‍රේණියේ සිසුන් පිරිසකට විද්‍යාලයේ ගුරුවරියක් සහ විදුහල්පතිනිය පසුගිය දෙවැනිදා පහරදීමක් සිදුකර තිබුණි.

ඒ, ගුරුවරියකගේ අත්බෑගයේ තිබූ පසුම්බියක් සොරකම් කිරීමේ සිදුවීමකට අදාළවය.

පහරකෑමට ලක්වූ සිසුවෙක්,

"විද්‍යා මිස් කතා කරලා ඇහුවා කවුද බෝතල්වලට චූ කළේ, පර්ස් ගත්තේ කියලා ඇහුවා. අපි කිව්වා අපි ගත්තේ නැහැ කියලා. මේගොල්ලෝ තමයි ගත්තේ කියලා, ඊට පස්සේ විද්‍යා මිස් ගැහුවා. ඊට පස්සේ අපිට මැඩම් කතා කළා. මැඩම් කතා කරලා දණ ගැස්සුවා. පස්සේ ඇත්ත කියන්න කියලා ගහපු පාර ළමයෙක්ගේ ඔළුව වැදුණා අල්මාරියේ. අල්මාරියේ වැදුණට පස්සේ එයගේ ඔලුව පොඩ්ඩක් තුවාල වුණා."

අනතුරුව විදුහල්පතිනිය මිල්ලනිය පොලීසියට මේ පිළිබඳව දැනුම්දී පොලිස් නිලධාරීන් පිරිසක් පාසලට කැඳවා තිබුණි.

පහරකෑමට ලක්වූ සිසුවෙක්,

"පොලීසිය ගෙන්නලා අපිට ගැහුවා. පොලීසිය ඊට පස්සේ දණ ගස්සලා කූඩැල්ලෝ එහෙම දාලා කරන්ට් එක වද්දලා. ගහලා ජීප් එකේ මාංචු දාලා එක්කන් ගිහිල්ලා, දණ ගස්සලා කරන්ට් වැද්දුවා ආයේ. එක ළමයෙක්ගේ කකුලේ තුවාලයක් තිබිලා හම ගිහින් ලේ ආවා එයාගේ."

ප්‍රශ්නය - ඔයාටත් ගැහුව ද ?

"ඔව්.."

ප්‍රශ්නය - කොහෙමද ගැහුවේ ?

"පහරකෑමට ලක්වූ සිසුවෙක් - බැටන් පොල්ලෙන් ගැහුවා"

ප්‍රශ්නය - කොහෙටද ගැහුවේ ?

"යටිපතුලට.. දෙවනි පාරට ගහද්දි ඔළුවට වැදුණේ."

ප්‍රශ්නය - ජීප් එකේ ගෙනිච්චේ කොහොමද පුතේ ?

"ජීප් එකේ ගෙනිච්චේ පොලිස් මාමලා තුන්දෙනෙක්"

ප්‍රශ්නය - ජීප් එකේ යනකොටත් ගැහුවද ?

"ඔව්..."

ප්‍රශ්නය - පොලීසියට අරගෙන ගියාද ?

"නැහැ බැල්ලන්තුඩාව පැත්තෙත් දාගෙන ආයේ හරවගෙන ආවා.."

ප්‍රශ්නය - මොනවා කියලද ගැහුවේ?

"කුණුහරුපෙන් කිය කිය ගැහුවේ.. කරන්ට් එක අල්ලනවා කිව්වා ඇත්ත කියන්න කිව්වා. පොලීසියෙන් තමයි කරන්ට එක ඇල්ලුවේ."

පහරකෑමෙන් තුවාල ලැබූ දරුවන් හොරණ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර එක් දරුවකුට එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබුණි.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කිරීමට දරුවන්ගේ මව්පියන් පියවර ගෙන තිබූ අතර සැණින් ක්‍රියාත්මක වූ එම අධිකාරිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් අප විමසීමක් කළේය.

ඔහු පැවසුවේ පොලිසිය දරුවන්ට පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.

මේ අතර කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක 11වන ශ්‍රේණියේ සිසුවෙකුට එම විද්‍යාලයේ ගුරුවරු දෙදෙනෙක් අමානුෂික ලෙස පහරදුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

කොමිසම පැවසුවේ එම විදුහලේ විදුහල්පතිවරයා සහ චෝදනා ලත් ගුරුවරු දෙදෙනා කොමිෂන් සභාව හමුවට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට තීරණය කර ඇති බවය.

පහරකෑමට ලක්වූ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බව ද එම කොමිසම පවසයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana