වල්ලපට්ටා රට ගෙනියන්න හදපු තුනකට වැඩ වරදියි

වල්ලපට්ටා රට ගෙනියන්න හදපු තුනකට වැඩ වරදියි

July 5, 2018   09:06 pm

 

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

අවුරුදු 26 , අවුරුදු 31 සහ අවුරුදු 26 යන වයස්වල පසුවන මොවුන්, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන්ගෙන් දෙදෙනෙකු අද උදෑසන 9.40 ට පමණ ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 376 දරන ගුවන් යානයෙන් මස්කට් හරහා ඩුබායි වෙත යෑමටත්, අනෙක් 31 හැවිරිදි පුද්ගලයා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ඍජුවම යෑමටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල රුපියල් 72,21,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 82 යි ග්‍රෑම් 550 ක් සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .

මෙම වල්ලපට්ටා ඩුබායි හී කර්මාන්තශාලාවල සුවද විළවුන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට කරුණු අනාවරණය වී තිබේ .

ගුවන්තොටුපල රේගුවේ විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.