ගණදෙවියන් මුහුදෙන් මතුවෙයි

ගණදෙවියන් මුහුදෙන් මතුවෙයි

June 22, 2018   10:05 am


මන්නාරම ධීවර වරාය ආසන්න සාගර කලාපයේ මසුන් ඇල්ලීමට එළන ලද දැලක පැටලි ගලින් නිම කරන ලද ගණදෙවි පිළිමයක් මතුවී ඇති බව මන්නාරම ධීවරයින් පවසති.

මන්නාරම ධීවරයින් පැවසූවේ ඊයේ(21) උදැසන මසුන් ඇල්ලීම සඳහා ධීවරයින් පිරිසක් දැළක් එළා ඇති අතර,අදාළ දැල ගොඩ ගැනීමේදී දැළට පැටලි ගණදෙවි පිළිමයක් මතුව ඇති බවයි.

අදාළ ගණදෙවි පිළිමය ගලින් නිමවා ඇති අතර, කලක් මුහුදු පතුලේ තිබි ඇති බවට ධීවර ජනතාව පවසති.

මන්නාරම නගරයේ ධීවර වරාය ආසන්නයේ පැරණි මන්නාරම නගර පිහිටා තිබි ඇති අතර, අදාළ ප්‍රදේශයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීද පුරාවිද්‍යා වටිනාකමින් යුතු භාණ්ඩ හමුවි ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ.

සොයාගත් ගණදෙවි පිළිමය මන්නාරම පුරාවිද්‍යා කාර්යාල නිළධාරීන්ට බාරදීමට නියමිත බව මන්නාරම ධිවරයින් පැවසීය.