සජබ ආධාරකරුවන් 33ක් අත්අඩංගුවට

සජබ ආධාරකරුවන් 33ක් අත්අඩංගුවට

March 20, 2025   05:07 pm

මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ඒ සඳහා සූදානම්කර තිබූ වාහන 08ක්ද අම්පිටිය ප්‍රදේශයේදී මහනුවර මූලස්ථාන පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.  

අපේක්ෂකයන්ගේ රුව මෙන්ම විවිධ කොඩි ඇතුළු සැරසිලි කොට තිබූ වාහන මෙලෙස තම භාරයට ගත් බවත්, මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුරටත් පැවසීය.