දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

July 26, 2024   11:57 am

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේදී අද (26) උදෑසන ගැටුණු පුද්ගලයෙක් මියගොස් ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.

එසේ මරණයට පත්ව ඇත්තේ රබර්වත්ත කොටස ගවරවෙල දෙමෝදර ලිපිනයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.

ඇල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.