කාලගුණ වෙනසෙන් දිස්ත්‍රික්ක 14කට බලපෑම්

කාලගුණ වෙනසෙන් දිස්ත්‍රික්ක 14කට බලපෑම්

October 24, 2022   11:09 am

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 6ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 84කට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

ඉන් පවුල් 4,271කට අයත් පුද්ගලයින් 18,129 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ලවී ඇත්තේ, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, රත්නපුර, මහනුවර,  කෑගල්ල, අම්පාර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්ටය.

ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 237 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 7ක රඳවා සිටින බව සඳහන් විය.