සතොස මිල අඩුකළ භාණ්ඩ මෙන්න

සතොස මිල අඩුකළ භාණ්ඩ මෙන්න

September 9, 2022   01:19 pm

ස.තො.ස හරහා අළෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩ වර්ග 7ක මිල ගණන් පහළ දමා තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස.තො.ස සභාපති පසඳ යාපා මහතා පැවසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සහිතව මෙම මිල අඩුකිරීම සිදුකළ බවය.

මේ අතර, අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත්වන ප්‍රදේශවල පිහිටි ස.තො.ස අළෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310ක මිලකට අළෙවිකිරීමට පියවර ගෙන ඇති බවද ස.තො.ස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

භාණ්ඩය පැවති මිල අඩුකළ මිල නව මිල
ආනයනික සුදු කැකුළු රු. 195 රු. 10 රු.185
ආනයනික සුදු නාඩු රු. 198 රු. 04 රු. 194
රතු පරිප්පු රු. 460 රු. 31 රු. 429
සුදු සීනි 1kg රු. 298 රු. 19 රු. 279
හාල් මැස්සන් 1kg රු. 1,375 රු.  25 රු.1,350
සුදු ලූණු 1kg රු. 750 රු. 155 රු. 595
වටානා 1kg රු. 375 රු. 50 රු. 315