ළමා සංවර්ධන මධ්‍යස්ථාන නඩත්තු කිරීමත් අභියෝගයක් වෙයි
August 20, 2022 01:19 pm
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන් නඩත්තු කිරීම සඳහා රජය ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඊයේ (19) කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ඇතැම් පළාත් සභාවලින් ළමුන් සඳහා දිනකට ලබාදෙන්නේ රුපියල් 20ක් බවය.
2021 වනවිට මෙරට ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන 369ක ළමුන් 8,727ක් රැකවරණය ලබන බව වාර්තාවල සඳහන් විය.
එම ආයතන අධීක්ෂණය කරන්නේ පළාත් පරිවාස හා ළමාආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් විසිනි.
ළමා සංවර්ධන මධ්‍යස්ථාන අතළොස්සක් රජයෙන් පාලනය වන අතර අතිමහත් ප්‍රමාණයක් ස්වෙච්ඡා සංවිධානවලින් පාලනය වෙයි.
නමුත්, කනගාටුවට කරුණ නම් මේ වනවිටත් ඇතැම් පළාත් සභාවලින එක් ළමයෙකුට නඩත්තු ආධාර ලෙස දෛනිකව ගෙවනු ලබන්නේ රුපියල් 20ක මුදලක්වීමට.
එමෙන්ම පරිවාස භාරයට පත්වූ ළමුන් අධිකරණ කටයුතුවලට රැගෙන යාමේදී පරිවාස නිලධාරීන් දැඩි අපහසුතාවයන්ටද මුහුණදී සිටී.