වහල ගලවාගෙන ගිය සොරු

වහල ගලවාගෙන ගිය සොරු

September 9, 2021   08:05 pm

දිවි ගෙවූ නිවස සොරුන් බිඳීම නිසා අසරණ වූ කාන්තාවක් පිළිබඳව පුවතක් අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

අසනීප තත්ත්වයක් මත සිය සොහොයුරාගේ නිවිතිගල නිවසට ගොස් දින කිහිපයකට පසු ඇය යළි සිය නිවසට පැමිණෙන විට කිසියම් පිරිසක් නිවසේ භාණ්ඩ සොරකම් කර වහලයේ තහඩු පවා ගලවාගෙන ගොස් තිබුණි.

ඒ හේතුවෙන් මේ වනවිට ඇයට ජීවත්වීමට පවා ස්ථානයක් නොමැතිව අසරණවී සිටී.

අවිස්සාවේල්ල පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි කළද සැකකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බව ඇය සඳහන් කළාය.