බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී

බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී

July 22, 2021   10:18 am

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

දැරියව මෙහෙකාර සේවය සඳහා රැගෙන ඒමට පෙර රැගෙන විත් තිබු 21 හැවිරිදි කාන්තාවක් හා 32 හැවිරිදි කාන්තාවකගෙන් එලෙස ප්‍රකාශ ලබාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

කොළඹ දකුණ කොට්ඨාස අපරාද විමර්ශන අංශය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය නිලධාරීන් කණ්ඩායම් දෙකක් ලෙස මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තිබේ.

ඒ අනුව ඊයේ (21) දිනයේ දී ඩයගම ප්‍රදේශයේ දී මියගිය දැරියගේ මව, සුළු පියා, සහෝදරයාගෙන් හා සහෝදරියගෙන් පැය 10කට ආසන්න කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.