නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

October 28, 2025   04:55 pm

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (28) පස්වරු 4:00 සිට හෙට (29) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය:
- ⁠නාගොඩ
- ⁠ඇල්පිටිය
- ⁠බදදේගම

මහනුවර දිස්ත්‍රික්කය:
- යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
- කෑගල්ල
- ⁠මාවනැල්ල
- ⁠යටියන්තොට
- ⁠අරණායක
- ⁠දෙහිඹ්විට
- ⁠රඹුක්කන

රත්නපුර දිස්ත්‍රික්කය:
- කලවාන
- ⁠ඇහැළියගොඩ
- ⁠රත්නපුර