විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට සීමාව ඉක්මවා ණය වෙයි

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට සීමාව ඉක්මවා ණය වෙයි

January 15, 2020   12:58 pm

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවීමට ඇති ණය සීමාව ඉක්මවා ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි ප්රාකාශකයෙකු සදහන් කළේ ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 84කට ආසන්න ණය මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙවීමට ඇති බවයි.

අදාල ණය මුදල් ගෙවීම් ලංකා විදුලිබල මණ්ඩලය විසින් තවදුරටත් දුර්වල මට්ටමක පවත්වාගෙන යන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පාලනාධිකාරයේ  අවධානය යොමුව ඇති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් අද දෙරණ මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමකදී එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන අදායම් අනුව අදාළ ණය පියවීමට කටයුතු කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දි  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කර යම් එකඟත්වයකට පැමිණීමට බලාපොරොත්තු වන බව ද  සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.