අමුතු විදිහේ පාපන්දු තරඟයක්
May 21, 2019 04:39 pm
චීනයේ ටියැන්ජින් නගරයේ පැවති අපූරු පාපන්දු තරඟයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
ලොව රටවල් රැසකින් රොබෝවන් සහභාගි වෙමින් පැවැත්වු පාපන්දු තරඟයකි.
එය පැවැත්වුණේ ටියැන්ජින් නගරයේ පැවැත්වෙන ලෝක තෙවන බුද්ධි කොංග්‍රසයේ සැසිවාරයට සමගාමීවයි.
ලොව පුරා රටවල් 10කින් රොබෝ පාපන්දු ක්‍රීඩකයින් 400ක් මේ තරගයට ඉදිරිපත් කර ඇති බවට සඳහන්.
චීනය, ජපානය සහ ඉතාලියද එලෙස රොබෝ ක්‍රීඩකයන් ඉදිරිපත් කර තිබූ රටවල් අතරට ඇතළත්ය.
තරගය දින දෙකක කාලයක් පවත්වා තිබුණි.
මෙම තරගය පැවැත්වෙන ටියැන්ජින් නගරය චීනයේ ආර්ථික මර්මස්ථානයක්.
කෘතිම බුද්ධි හා රොබෝ තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා එහි බලධාරීන්ට මෑතකදී යුවාන් බිලියන 100ක මූල්‍ය ආධාර ලැබී තිබේ.