සයුරෙන් එතෙර
ඉන්දියාවත් හයිටියෙන් සිය පුරවැසියන් ඉවත් කරගනී
March 22, 2024 09:56 am
හයිටි රාජ්‍යයේ සිටින සිය පුරවැසියන් ඉවත් කරගැනීම සඳහා ඉන්දියාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එලෙස මුදා ගැනෙන ඉන්දියානුවන් ඩොමිනිකන් ජනරජය වෙත රැගෙන යන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත.
අවශ්‍යතාව අනුව හයිටියේ සිටින අනෙක් ඉන්දියානුවන් ද මුදා ගන්නා බව ඉන්දියාව පවසා ඇත.
හයිටිය තුළ මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ එරට සන්නද්ධ කණ්ඩායමක් විසින් රජයට එරෙහිව එල්ල කරමින් සිටින ප්‍රහාර හේතුවෙනි.
තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඉන්දියාව පවසා ඇත.