Back to Top

ඒකේ වාසිය යන්නේ යූඑන්පී එකටයි"

November 12, 2016  




ධීවර ගැටලු ගැන සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පියල් නිශාන්ත සහ ඩී.වී. චානක සහ සනත් නිශාන්ත යන මන්ත්‍රීවරු ඇමති මහින්ද අමරවීරව හමුවුණා.

"ආ.. කොහොමද විපක්ෂයේ වැඩ කටයුතු?"

අමරවීර අහද්දී පියල් උත්තර දුන්නා.

"අපි නම් කරගෙන යනවා. ආණ්ඩුවට නම් එතරම් හොඳ තත්ත්වයක් පේන්නේ නැහැ"

"ජනාධිපතිතුමා දැන් ටිකක් නම්‍යශීලී වෙලා. මේ වෙලාවෙ ඔබතුමාලාගේ පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් ඒකේ වාසිය යන්නේ යූ එන් පී එකටයි"

"අපිට නම් ඔය කියන තරම් නම්‍යශීලී බවක් පෙන්නෙ නැහැ. කෝකටත් අපි ගම්වල කමිටු හදමින් යනවා"

"ඔයාලා පක්ෂය කැඩුවොත් අපට 10%ක්වත් ඡන්ද ඉතිරිවෙයිනේ"

"මොන පිස්සු ද සර්, සියයට එකට බහිනවා, බොරුනම් බලන්න. දැන් ආණ්ඩුවට ඡන්දය දීපු ‍එකෙක් හොයන එක කළු නික හොයනවා වගේ වෙලා"

පියල් සහ ඇමති අමරවීර අතර ධීවර ප්‍රශ්න යටගිහින් දේශපාලන ප්‍රශ්න ඒ විදිහට සාකච්ඡා වුණා.

MOST VIEWED VIDEO STORIES

MORE >>