Back to Top

මැතිවරණ තුනටම එක ක‍්‍රමයක් හදන්න සාකච්ඡා

December 22, 2016  



මේ අතර පළාත් පාලන මැතිවරණය කල්යෑම පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය. ”පළාත්පාලන මැතිවරණය ගැන තවමත් ආණ්ඩුව පැහැදිලි දෙයක් කියන්නේ නැහැ. එක එක ඇමතිවරු එක එක කතා කියනවා. මේ ආණ්ඩුවේ හැම වැඩක්ම වාගේ මේ මැතිවරණය ගැනත් ස්ථාවරය පැහැදිලි නැහැ” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

 ”අලූත් ක‍්‍රමයට මැතිවරණයකට ගියොත් අර්බුද ගොඩක් එනවා. ඒකට අනුව කොට්ඨාස 4453ක් තියෙනවා. මේකට තව සමානුපාතික ක‍්‍රමයට එන ප‍්‍රමාණයයි කාන්තා නියෝජනයයි ගත්තාම මන්ත‍්‍රීවරු දෙගුණ වෙනවා. එතකොට ඒ අයට අවශ්‍ය දීමනාවලට, ඉඩපහසුකම් හදන්න සල්ලි කොහෙන්ද? ඒවට මේ අයවැයෙන් සල්ලි වෙන් කරලා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැති බව පැහැදිලියි.” විජිත හේරත් කීවේය.

”ඒ වගේම පනතේ අඩුපාඩු හදන්න  ඕනෑ. අඩුපාඩු හදන්නත් ලොකු කාලයක් යනවා. අඩුම තරමේ මාස දෙක තුනක්වත්.” ලාල්කාන්ත කීවේය. ”ඒකයි අපි කිව්වේ ඒ විදියට කල් යනවානම් තිබුණු ක‍්‍රමයට මේ වතාවේ මැතිවරණය පවත්වන්න කියලා. අඩුපාඩු හදාගෙන ඊළඟ ඡන්දය තියන්න පුළුවන්” අනුර දිසානායක කීවේය.

”මේ මැතිවරණයට ඒ තර්කය හරි නමුත්. දීර්ඝකාලීනවත් පළාත් පාලන සඳහා හදපු මැතිවරණ ක‍්‍රමයට අපිට එකඟ වෙන්න බැහැ. මොකද දැන් අලූත් ව්‍යවස්ථාවේ අලූත් මැතිවරණ ක‍්‍රමයක් ගැන කතා කරනවා. ඒක පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණයට පමණක් අදාළ විය යුතු නැහැ. රටේ මැතිවරණ ක‍්‍රමය හැම මැතිවරණයටම සමාන එකක් වෙන්න  ඕනෑ. ඒ නිසා මැතිවරණ තුනටම එක ක‍්‍රමයක් හදන්න කියලයි අපේ ස්ථාවරය විය යුත්තේ.” ටිල්වින් සිල්වා පැහැදිලි කළේය.

”ඔව්, ඒක හරි. මැතිවරණ ක‍්‍රමය හැම එකටම සමාන විය යුතුයි. ඒ වගේම සාධාරණ විය යුතුයි. ඒ නිසා නව ව්‍යවස්ථාවත් එක්ක සියලූ මැතිවරණ වෙනුවෙන් පොදු ක‍්‍රමයක් සකස් කරන්න කියලා අපි ආණ්ඩුවට බලපෑම් කරන්න  ඕනෑ” දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පක්ෂ නායක අනුර දිසානායක කීවේ ප‍්‍රධාන ලේකම්වරයාගේ අදහස සියලූදෙනාම තහවුරු කරමිනි.

MOST VIEWED VIDEO STORIES

MORE >>