Back to Top

හැපි බර්ත් ඩේ ටූ යූ ජොනී....

December 14, 2016  




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මිරිහාන ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු අසුන්ගෙන සිටි මේ සාකච්ඡාවට හිටපු ජනාධිපති රාත්‍රී 7.30ට පමණ පැමිණ අසුන් ගත්තා.

මහින්දානන්ද අලුත්ගමගේ කල්තියා කරපු රහසිගත සැලැස්මකට අනුව හෝටලයේ සියලුම ලයිට් නිවා දැමුවා.

මහින්දගේ ආරක්ෂක අංශ දැඩි ලෙස කලබල වෙද්දී, ´හැපි බර්ත් ඩේ ටූ යූ ජොනී´ කියමින් මන්ත්‍රීවරුන් එක හඬින් කෑ ගැහුවා.

එයත් සමග ලයිට් දමද්දී සභාව මැද ලොකු කේක් ගෙඩියක් තිබුණා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා නැගිට ඇවිත් උපන් දින කේක් ගෙඩිය කපලා පළමු කෑල්ල මහින්දට කැව්වා.


MOST VIEWED VIDEO STORIES

MORE >>