පාර්ලිමේන්තුවවත් ඒ ගිවිසුම් ගැන දන්නේ නෑ
December 22, 2016
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 21වෙනිදා පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ වත්මන් ආණ්ඩුවේ ජනතා දේපොළ විකිණීමේ ක්‍රියාවලිය පිළිබඳව සහ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳවය.
”මේ ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න කියලා කරන්නේ රටේ සම්පත් විකුණන එක. විකුණන ලිස්ට් එකෙන් උඩට ඇවිත් තියෙන්නේ හම්බන්තොට වරාය. අලූත් අවුරුද්දේ ජනවාරි මාසයේ හත්වෙනිදා ඒකට ගිවිසුම් අත්සන් කරන්න යන්නේ.” ටිල්වින් සිල්වා සාකච්ඡාව ආරම්භ කළේය.
”ආණ්ඩුව මේ විදියට විකුණන්නේ රටේ ජනතාවට අයිති දේපොළ. ඒකට ආණ්ඩුවට අයිතියක් නැහැ. ගිවිසුම් අත්සන් කරන්න යනවා කියනවා. අඩුම තරමේ රටේ පාර්ලිමේන්තුවවත් ඒ ගිවිසුම් ගැන දන්නේ නෑ. ජනතා නියෝජිතයෝ විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිවිසුමේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න අයිතියක් තියෙනවා.” පක්ෂ නායක අනුර දිසානායක කීවේය.
”ඔව්, මේ ආණ්ඩුව ආවෙත් යහපාලන බෝඩ් එකට මුවාවෙලා. පහුගිය ආණ්ඩුව ජනතාවට කොළේ වහලා ගැහැව්වා. මේ ආණ්ඩුව විනිවිදභාවයෙන් වැඩකරනවා කිව්වා. තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන පම්පෝරි ගැහුව්වා. දැන් මේ ආණ්ඩුවත් හොර ගිවිසුම් ගහලා විකුණනවා” විජිත හේරත් කීවේය.
”ජනතාවගේ සම්පත් ගැන ආණ්ඩුව කරන්න යන දේ ජනතාව දැනගන්න ඕනෑ. ඒ නිසා ගිවිසුමේ කරුණු ජනතාවට දැනගන්න ප්‍රසිද්ධ කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්න ඕනෑ. ඒකේ පළවෙනි වගකීම තියෙන්නේ රටේ ප්‍රධානියා විදියට ජනාධිපතිවරයාට. ඒ නිසා ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ලිපියක් යවමු” බිමල් රත්නායක යෝජනා කළේය.
”ඒ වගේම අපි මේකට එරෙහිව ලොකු විරෝධයක් රටේ හදන්න ඕනෑ. අත්පත්‍රිකා බෙදලා ජනතාව දැනුවත් කරන්න ඕනෑ. ඒ වගේම ජාතික මට්ටමේ උද්ඝෝෂණයක් සංවිධානය කරන්න ඕනෑ. හැකි සෑම සියලූ දෙනාම ඒකට සම්බන්ධ කරගෙන මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී වැඩ පරාජය කරන්න ඕනෑ” ලාල්කාන්ත කීවේය.
”ආණ්ඩුවේ මැති ඇමතිවරු මේ දවස්වල රට රටවල සවාරි යනවා දෙසැම්බර් සීතල විඳින්න. අපි ජනවාරි පටන් ගන්නකොට මුළු රටම උණුසුම් කරන්න ඕනෑ.” අනුර දිසානායක කීවේය.