Back to Top

නෑ නෑ ඩිලාන් ඒක කවදාවත් වෙන්නේ නෑ

December 14, 2016  




ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

ආරම්භයේදී ඩිලාන් පෙරේරා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා.

´´ජනාධිපතිතුමණි, මම කිව්වා බැසිල් සහ යූ.එන්.පීය අතර ඩීල් එකක් තියෙනවා කියලා. ඔවුන් වෝටර්ස් එජ් හෝටලයට ආසන්න නිවසක සාකච්ඡා වුණා පැරණි ක්‍රමයට මැතිවරණය ති‍යන්න. ඒක පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙනුණා අනුර, හකීම්, ඩලස්, කිරිඇල්ල එක මතයක හිටගැනීමෙන්.

ජනවාරි 8 ජනවරමට අනුව ඊළඟ පළාත් පාලන මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් තියන්න අලුත් විදිහට"

ජනාධිපතිවරයා පොරොන්දු වුණා.

´´ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමණි, කෝප් වාර්තාව අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තියන්න යනවා."

´´නෑ නෑ ඩිලාන් ඒක කවදාවත් වෙන්නේ නෑ. මටයි ඒක කරන්න බලය තියෙන්නේ. කෝප් ප්‍රශ්නය ඉවර වෙනතුරු පාර්ලිමේන්තුව කල් තියන්නේ නැහැ.´´

ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක ඉඳන් කතා කළා.


MOST VIEWED VIDEO STORIES

MORE >>