Back to Top

චීන සමාගමට 80%ක් දෙනවට මට නම් එකඟ වෙන්න බෑ

December 11, 2016  

හම්බන්තොට වරාය චීන සමාගමකට අනූ නව අවුරුදු බදු පදනමක් මත ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණා. ඊට විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග විරුද්ධ වීමත් සමග කැබිනට් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.

´´හම්බන්තොට විශාල ණය බරක් බව පිළිගන්නවා. නමුත් මේක සංවර්ධන කිරීම සිදුවිය යුත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, රටටත් අවාසියක් නොවන විදිහටයි. චීන සමාගමට 80%ක් දෙනවට මට නම් එකඟ වෙන්න බෑ. අඩුම තරමින් චීනයට 65%කට වඩා නොදිය යුතුයි´´

අර්ජුනගේ විරෝධය නොතකා ආණ්ඩුවේ ඇමතිවරු කරුණු ඉදිරිපත් කළා.

´´චීන සමාගම 80%ක් ඕනෙ කියන ස්ථාවරයේ ඉන්නවා. 20%යි ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. අනික මේ ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්සන් කිරීමට බලයක් නැති බව නීතිපතිවරයා දන්වලා තියනවා.´´

´´එහෙනම් මේ ගිවිසුමට මුදල්, වරාය හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශවල ලේකම්වරුන්ට අත්සන් කරන්න කියමු´´ ආණ්ඩුවේ ඇමතිවරයෙක් යෝජනා කළා.

´´එතකොට මේ සේවකයින් සියලු දෙනාම චීන සමාගමට බඳවාගත යුතුයි. ඒකටවත් එකඟද?´´

අර්ජුන මතුකළ ඒ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් කිසිවෙකුත් ලබාදුන්නේ නැහැ.

හම්බන්තොට ඉදිකිරීමට ගත් ණය මුදල ක්‍රමානුකූලව ගෙවීමේ වගකීම මෙහිදී මුදල් අමාත්‍යාංශය භාරගත්තා.


MOST VIEWED VIDEO STORIES

MORE >>