Back to Top

රටේ ජනාධිපතිත් පඹයෙක් ගාණට වැටෙනවා

December 30, 2016  



සංවර්ධන පනතක් ලෙසින් ඇමතිවරයෙකුට සුපිරි බලතල ලබාදීම සඳහා ආණ්ඩුව ගෙන ඒමට නියමිත පනත පිළිබඳව විශාල සංවාදයක් මතුව තිබේ. මෙම පනත පළාත් සභා විෂයටද අදාළ බැවින් පළාත් සභා තුළ සම්මත කර ගැනීමට ආණ්ඩුව තීරණය කළේය. මේ පනත පළමුව ඉදිරිපත් වූයේ ඌව පළාත් සභාවටය. මේ පිළිබඳව කරුණු දැනගැනීමට ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න විජිත හේරත්ට දුරකතන ඇමතුමක් ලබාදුන්නේය.

”පළාත් සභාවේ විශේෂ සභාවාරයක් කැඳවලා තියෙනවා විශේෂ සංවර්ධන පනතක් ගැන ඡන්දයක් තියන්න. මේක සංවර්ධන පනතක් විදියට තමයි ගෙනත් තියෙන්නේ. ඇත්තටම මොකක්ද කරන්න යන්නේ කියලා බලන්න  ඕනෑ. වෙන දේවල් වගේම ආණ්ඩුව කොලේ වහලා ගැහිල්ලක්ද මේ.” සමන්ත විද්‍යාරත්න විජිත හේරත්ගෙන් විමසීය.

”ඔව්. මේ පනතෙන් සුපිරි ඇමතිවරයෙක් බිහිකරන්න යනවා. රාජපක්ෂලගේ කාලේ බැසිල් කරපු වැඩේම වෙන විදියකට කරන්න තමයි මේ ආණ්ඩුව උත්සහ කරමින් ඉන්නේ. ඒ පනතෙන් ඉඩම් බලතල ඇතුළු විශාල බලතල රැසක් එක් ඇමතිවරයෙක් යටතට ගන්න යනවා. ජනාධිපතිගේ බලතල අඩුකරන්න කියලා ආපු ආණ්ඩුව දැන් වෙන විදියකට බලය ඒකරාශී කරගන්න හදනවා.” විජිත හේරත් විස්තර කළේය.

 ”එක පැත්තකින් පළාත් සභා පාවිච්චි කරලා බලය බෙදන්න කියලා මේ ආණ්ඩුව උත්සහ කරනවා. තව පැත්තකින් බලය ඒකරාශී කරගන්න පනත් ගේනවා. මේ ආණ්ඩුව කොහොද යන්නේ කියලා ආණ්ඩුවේ අයවත් දන්නේ නැහැ.” සමන්ත විද්‍යාරත්න කීවේය.

 ”වෙන මොකුත් නෙවෙයි මේ බලය හදාගන්නේ ජනතාවට අයිති රටේ සම්පත් ටික විකුණලා දාන්න. විකුණන්න  ගියාම එන බාධා වළක්වගන්න තමයි මේ පනත ගේන්නේ. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවලින් අහන්නේ නැතිව රනිල්ට  ඕන විදියට ඉඩම් ටිකයි, ආයතන ටිකයි විකුණන්න පාරක් කපාගන්න හදන්නේ. මේ සුපිරි ඇමතිට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නත් බැහැලූ. රටේ ජනාධිපතිත් පඹයෙක් ගාණට වැටෙනවා. අපි මේ පනත පරාජය කරන්න  ඕනෑ.” විජිත හේරත් කීවේය. මේ අනුව ජවිපෙ සියලූම පළාත් සභා නියෝජිතයින්ට මේ පනත පිළිබඳව ස්ථාවරය දැනුම් දීමට කටයුතු කළේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>