Back to Top

හොරු කවුද? හොරු රකින්නේ කවුද?

October 28, 2016  

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සඳුදා පෙරවරුවේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡාවක් ඇති විය. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවක් සඳහා සහභාගි වීමට විදෙස්ගත වී සිටි නිසා එම හමුවට සහභාගි වූයේ නැත. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ, ආණ්ඩුව දූෂිතයින් ආරක්ෂා කිරීමට උත්සාහ දැරීම පිළිබඳවය.

”රනිල් වික‍්‍රමසිංහට, මෛත‍්‍රීපාල සිරිසේනට බලයට එන්න ප‍්‍රධාන සටන් පාඨය වුණේ දූෂිතයින්ට දඬුවම් දීම. ඒත් මේ ආණ්ඩුව දැන් දූෂිතයින් ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි අලූතෙන් හොරකන් කරන්නත් පටන් අරගෙන.” ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප‍්‍රකාශ කළේය.

”මේ ආණ්ඩුවේම අයම කිව්වේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කරන පරීක්ෂණ කියන්නේ මේ ආණ්ඩුව ගැන ලිට්මස් පරීක්ෂාවක් කියලා. ඒත් දැන් සිදුවෙමින් තියෙන්නේ ආණ්ඩුවේම අය එකතු වෙලා මහ බැංකු වංචාව යටගහන්න හදන එක” අනුර දිසානායක කීවේය.

”කෝප් එකේ එජාප මන්ත‍්‍රී කණ්ඩායම අර්ජුන බේරන්න මාරාන්තික සටනක් කරනවා. අපි මාස ගාණක් සාකච්ඡා කරලා හදපු කෙටුම්පත පරක්කු කරන්න තමයි එජාපය උත්සහ කරන්නේ. වංචාව වෙලා දැන් මාස 20ක් ගතවෙලා. ඔක්. 20, 21 සියලූම සාක්ෂි සටහන් නිරීක්ෂණය කරලා අවසන් කෙටුම්පත හදන්න කෝප් කමිටුව තීරණය කළා. ඒත් එජාප මන්ත‍්‍රීන්ට  ඕනැ වුණා ඒ අයට  ඕන විදියට වාර්තාවක් හදාගන්න. එජාපයේ මන්ත‍්‍රීවරු රෑට රෑට අර්ජුන් මහේන්ද්‍රන් හමුවුණා කියලත් කතාබහක් යනවා.” බිමල් රත්නායක කියා සිටියේය.

”පරණ ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවේ දූෂිතයින් රටට හෙළිකරන්න  ඕනෑ. ජනතාව අපි ගැන තියපු විශ්වාසය ඒ විදියටම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒක කෝප් කමිටුවේදීත් පාර්ලිමේන්තුවේදීත් පාරෙදීත් කරන්න අපි කටයුතු කරන්න  ඕනෑ” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

”දූෂිතයොයි එයාලව රකින අයයි රටට හෙළිකරන්න  ඕනෑ. ඒ වෙනුවෙන් අපි ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණ මාලාවක් ආරම්භ කරමු” ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යෝජනා කළ අතර ‘දූෂිතයින් සහ ආරක්ෂකයින්’ මැයෙන් නොවැම්බර් පළවෙනිදා සිට සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට ජවිපෙ නායකයෝ තීරණය කළහ.

මේ අතර කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගි වීමට සභාපති සුනිල් හඳුන්නෙත්ති දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පිටව ගියේය. මේ අතර ජවිපෙ නායකයෝ ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත වැට් පනත පිළිබඳවද කරුණු සාකච්ඡා කළෝය.

වැට් ආදායම කෝටි 180යි.. ඇමති වාහන වියදම 148යි...

”මුදල් ඇමතිගෙන් අපි ප‍්‍රශ්න කළාම කිව්වේ වැට් එක දාලා ලබාගන්න යන්නේ රුපියල් කෝටි 180ක ලාභයක් කියලා. ඒත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 118ක් වැයකරනවා. අගමැතිවරයාගේ වාහනවලට රුපියල් කෝටි 30ක් වැය කරනවා.. ඔක්කොම කෝටි 148යි. මේවා නතර කරලා ඒ වියදම නොකර හිටියනම් ජනතාවට බදු ගහන්න  ඕන නෑ.” අනුර දිසානායක කීවේය.

”මහින්ද ගත්තු ණය ගෙවන්න බදු ගහනවා කියලා වෙලාවකට කියනවා. මේවා බංකොළොත් කතා. රටක මුදල් ඇමතිවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ප‍්‍රකාශද මේවා. රවී කරුණානායක රේගුවෙන් අයථා විදියට වාහන නිදහස් කරලා කෝටි ගණන් ආදායම් අහිමි කරනවා. ගල් අඟුරු වංචාව, මහජන බැංකු ටෙන්ඩර් වංචාව, බැඳුම්කර වංචාව නිසා බිලියන ගණන් නැති වෙනවා. ඒවා වළක්වන්නේ නැතිව අසාධාරණ විදියට ජනතාවට බදු ගහනවා. මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළත් ජනතාව පාරට බැහැලා මේ පනත පරාජයට පත්කළ යුතුයි.” ලාල්කාන්ත කීවේය.

එජාපයට  ඕන වුණේ මාව සභාපති පුටුවේ තියාගෙන යූඑන්පී වාර්තාවක් හදාගන්න - හඳුන්නෙත්ති

මේ අතර 24 වෙනිදා පස්වරුව වනවිට කෝප් කමිටුවට සහභාගි වූ සුනිල් හඳුන්නෙත්ති කමිටුවෙන් ඉවත්ව පැමිණියේය. මේ සමඟ සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවෙන් ඉවත්වූ බවටත් ප‍්‍රවෘත්ති පළවීමට පටන් ගත්තේය. මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට අනුර දිසානායක සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගත්තේය.

”එජාප මන්ත‍්‍රීවරුන්ට අවශ්‍යතාවයක් තිබුණා ඒ අයගේ වාර්තාවක් හදාගන්න. ඒ වෙනුවෙන් තමයි අද (24) කමිටුව කැඳෙව්වේ. කෝප් එකේ බෙදීමක් තියෙනවානම් වාර්තා දෙක තුනක් ඉදිරිපත් වෙන්න පුළුවන්. කලිනුත් එහෙම වෙලා තියෙනවා. හැමදේම සිදුවුණේ එජාප මන්ත‍්‍රීවරුන් සියල්ල වෙනස් කරන්න පටන් ගත්ත තැන ඉඳලා.

විගණකාධිපතිතුමාගේ නිර්දේශ වෙනස් කරන්න බලපෑම් කළා. එජාප මන්ත‍්‍රීන්ට  ඕන වුණේ මාව සභාපති පුටුවේ තියාගෙන ඒ අය හදන වාර්තාව කෝප් කමිටුවේ අවසන් වාර්තාව කරන්නයි. මම ඒකට ඉඩ තියන්නේ නැතිව නැගිටලා ආවා..” සුනිල් හඳුන්නෙත්ති සිදුවීම විස්තර කළේය. ”ඒක තමයි කරන්න  ඕනෑ. එජාපයට  ඕන නම් එයාලගේ කෙනෙක් සභාපති පුටුවට දාගෙන ඒ අයගේ වාර්තාවක් හදාගත්තට අපිට කමක් නැහැ.  ඕන නම් අර්ජුන මහේන්ද්‍රන් සභාපති පුටුවේ වාඩි කරගත්තත් අපිට කමක් නැහැ. ඒත් අපි සභාපති ධුරය දරන තෙක් හොරුන්ට බෙරෙන්න ඉඩ තියන්න  ඕන නැහැ,” අනුර දිසානායක කීවේය.

”කෝප් එක ගැන රටේ කතාබහක් ඇති වුණේ ජවිපෙ නිසයි. මම අද කමිටුවෙන් නැගිටලා ආවෙත් එජාපයේ කුමන්ත‍්‍රණය ගැන රටේ සංවාදයක් හදන්න  ඕන නිසයි. අපි කෝප් කමිටුව නතර කරලා නෑ. බහුතරයක් සම්මත කරපු කෙටුම්පත අපි පාර්ලිමේන්තුවට දානවා. එතකොට බලාගන්න පුළුවන් හොරු කවුද? හොරු රකින්නේ කවුද කියලා..’ හඳුන්නෙත්ති කීවේය.

MOST VIEWED VIDEO STORIES

MORE >>