Back to Top

එතුමා දැන් පත්තර බලන්නැති පාටයි

October 16, 2016  



ජනාධිපතිගේ ප්‍රකාශය ගැන ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී රැස්වූ අවස්ථාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

´´ගෝඨාභය අත්අඩංගුවට ගන්න යන බව මීට පෙර මාධ්‍ය වාර්තා  පළවුණා. මේවා ගැන එතුමා දන්නෑ කියනවා නම් ඒක ලොකු විහිළුවක්"

ජී.එල්.ගේ කතාව අනුමත කරමින් මහින්ද යාපා ද කතා කළා.

"එතුමා දැන් පත්තර බලන්නැති පාටයි. මොකද මේවා පත්තරවල ගියා‘‘

"හැබැයි ජනාධිපතිතුමා කරපු කතාව ක්‍රියාවෙන් ඔප්පු නොකළොත් සවුත්තු වෙන්නේ ජනාධිපතිතුමාමයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලාගන්න පුළුවන්"

වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ද අදහස වුණා.

දේශපාලන කරලිය උණුසුම් කළ ජනාධිපතිගේ කතාවෙන් පසුව අගමැති ඊයේ සවස කොල්ලුපිටිය වාලුකාරාමයේදී පැවති පෙරහැරේදී ජනාධිපතිවරයාව හමුවුණා.

පෙරහැර අවසානයේ ජනාධිපති සහ අගමැති අතර ඊයේ රාත්‍රී 9.00 සිට ජනාධිපති නිල නිවසේදී පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා වුණා.

ඇතැම් නිලධාරීන්ගේ හිතුවක්කාරී ක්‍රියාකලාපය පාලනය කිරීමටත්, නීතිය සියලු දෙනාට සාධාරණව ක්‍රියාත්මක කිරීමටත් දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇතිවුණා.

ඒ එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිගේ කතාව විවේචනය කිරීමට කට ඇරගෙන බලාගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ගේ කටවල් වහාම වසා දාන්නත් අගමැතිවරයා පියවර ගත්තා.


MOST VIEWED VIDEO STORIES

MORE >>