Back to Top

දැන් මේ යෝජනාවට අවංකව කැමති අය අත උස්සන්න

September 26, 2016  



මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය බදාදා විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට කැඳවා තිබුණා.

මෙහිදී  ශ්‍රී ලංකා එකේ අය එකතු වී නව පක්ෂයක් ගොඩ නැගීම ගැනත්, අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පක්ෂ සමග එක් වී මැතිවරණයට තරග කිරීම සඳහා පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ යෝජනාව ගැනත් සාකච්ඡා වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති මුල්කර ගත් පක්ෂයක් හැදීමට මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසුවා.

´දැන් මේ යෝජනාවට අවංකව කැමති අය අත උස්සන්න´.

සියලුම මන්ත්‍රීවරුන් අත උස්සද්දී ප්‍රසන්න රණතුංග පමණක් අත් දෙකම ඉස්සුවා.

´ඇත්තටම අපි දැනටමත් පරක්කුයි මේ තීරණය මීට කලින් ගන්න තිබුණේ.´

ප්‍රසන්න කියද්දී මහින්ද ඇතුළු සියලු මන්ත්‍රීවරුන් හිස වනා ඒ කතාව අනුමත කළා.

MOST VIEWED VIDEO STORIES

MORE >>