Back to Top

කෝප් පරීක්ෂණ අඩාල කිරීමේ තැතක්...

August 26, 2016  



කෝප් කමිටුවේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳව වඩාත් කතාබහට ලක්වීමට පටන් ගත්තේ එහි සභාපතිත්තවය ජනතා විමුක්ති පෙරමුණට ලැබීමත් සමගය. විවිධ දේශපාලන වුවමනාවෙන් වෙනුවෙන් එය විවේචනය කළ පිරිසක් සිටියේය.

“වසර 15කට අධික කාලයක් කෝප් කමිටුව නියෝජනය කරපු ජවිපෙ සාමාජිකයා සුනිල් හඳුන්නෙත්ති. සභාපති ධුරය ලැබෙන්න සුදුසුම කෙනාට ලැබිලා තියෙනවා. කෝප් කමිටුවේ සෙසු සාමාජිකයිනුත් ඒ පත්කිරීමට විරුද්ධ වුණේ නැහැ” විවේචනවලට ජවිපෙ පැහැදිලි කිරීම එය විය. කෙසේ වෙතත් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව කෝප් විමර්ශනය ආරම්භවීමත් සමග ආණ්ඩුවේ ඇමතිවරු කෝප් කමිටුවේ කටයුතු විවේචනය කරන්න පටන් ගත්තෝය. මේ පිළිඳව ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ කතාබහක් ඇති විය.

“ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත‍්‍රීවරයා පත්තරවලට කියලා තිබුණා මහ බැංකු බැඳුම්කර ගැන විගණන වාර්තාවේ පරස්පර විරෝධී කරුණු තියෙනවා කියලා. ඒක කමිටුවට කරන බලපෑමක්” අනුර දිසානායක කීවේය. ”මේක මුලින්ම පටන් ගත්තේ කෝප් කමිටුවට එජාපයේ නියෝජිතයා විදියට සුජීව සේනසිංහ පත්කිරීමෙන්.” බිමල් රත්නායක කීවේය.

“ඒ විතරක් නෙවෙයි. විගණන වාර්තාව පිළිගන්න බැරි නිසා කෝප් කමිටුවේ විමර්ශනවලට විශේෂ ආර්ථික විශේෂඥයින් සම්බන්ධ කරගන්න  ඕන කියලා ආණ්ඩුවේ ඇමතිවරු කිව්වා” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”මේ තරම් කාලයක් ගිණුම් කාරක සභාවයි, කෝප් කමිටුවයි වැඩ කළේ විගණන වාර්තා පදනම් කරගෙන. දැන් එජාප ඇමතිවරු අනියම් ආකාරයෙන් කමිටුවලට බලපෑම් කරනවා” බිමල් රත්නායක කීවේය.

“මේ ගැන අපි පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමු.” අනුර දිසානයක කීවේය. ඒ අනුව පසුගිය 24වෙනිදා සුනිල් හඳුන්නේති පුවත්පත් වාර්තා පෙන්වමින් කිරිඇල්ල ඇමතිවරයාගේ ප‍්‍රකාශය කෝප් කමිටුවට අනියම් බලපෑමක් බව කියා සිටියේය. ”කෝප් සභාපතිවරයා කියනවානම් විගණන වාර්තා පරස්පර නැහැ කියලා මම පිළිගන්නම්. ඒත් මම මුලින්ම කිව්වා කෝප් කමිටුවට මාධ්‍යවලට එන්න ඉඩ දෙනවානම් මේ ප‍්‍රශ්න නැහැ කියලා.” කිරිඇල්ල ඇමතිවරයා පිළිතුරු දුන්නේය.

“සභානායකතුමාගේ ස්ථාවරය ඒක නම් අපි සතුටු වෙනවා. මොකද කෝප් කමිටුවේ විමර්ශන රටට පේන්න කරන්න  ඕනෙ කියලා අපි මුල ඉඳලම කිව්වා.” සුනිල් හඳුන්නේති කීවේය. ”අපි ඒකට අවශ්‍ය කරන ස්ථාවර නියෝග වෙනස් කරන්න සාකච්ඡා දැනටමත් කරගෙන යනවා” කථානායකවරයා සභාවට දැන්වීය.


MOST VIEWED VIDEO STORIES

MORE >>