Back to Top

රොෂාන් ජොනිගේ රියට යටවෙයි

August 6, 2016  



ජන සටන පාද යාත්‍රාව ආරම්භ වීමට පෙර දින මහනුවර සහ මාවනැල්ල උසාවි එම නගරවලට අතුළුවීම වළක්වාලමින් නියෝග නිකුත් කළා. එම අධිකරණ ක්‍රියාවලිය ගැන දැඩි අවධානයක් යොමුකළ හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ නිතීඥවරුන් දැනුවත් කළා.

´´පොලීසිය අපේ ගමන නවත්වන්න ලොකු උත්සාහයක් ගන්නවා. අපි හෙට සිට පාගමන යන නුවර පාරේ දෙපස ඇති සියලුම අධිකරණවල නීතීඥවරු රඳවන්න, සාමකාමී පෙළපාලියක් යෑමේ අයිතිය වෙනුවෙන් උපරිම සටනක් දෙන්න"

මහින්දගේ උපදෙස් මත උදේ සිට රෑ වෙනතුරු අධිකරණවලට වී සිටි නීතීඥවරුන්ට උසාවි නිමා වීමට මොහොතක් තිබියදී පොලීසි පහකින් පාගමනට එරෙහිව ඉල්ලීම් ඉදිරිපත් කළා.

එම ඉල්ලීම් අසාධාරණ බව නීතීඥවරු තහවුරු කිරීම නිසා පාගමන කොළඹට ඒමට හැකිවුණා.

ජන සටන පාද යාත්‍රාවේ දෙවන දිනයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඩිෆෙන්ඩරයකට යටවුණා.

ඩිෆෙන්ඩරයට යටවූ රොෂාන්ගේ එක් කකුලක ඇඟිලි උඩින් රෝදයක් ගමන් කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීදුරුවලට ගහමින් කෑගහන්න ගත්තා.

ජීවිත අනතුර වළක්වා ගත් මන්ත්‍රිවරු, රොෂාන්ගේ සපත්තුව ගලවා බලද්දී ඇඟිලි පහෙන්ම ලේ ගලමින් තිබුණා.

"මම දැන් කොහොමද පාගමන යන්නේ"

"පාගමන් යන්න කලින් යමු රෝහලට" කියමින් සහෝදර මන්ත්‍රීවරුන් රොෂාන්ව රෝහලට ගෙනගොස් ප්‍රතිකාර කළා.

"ඔයාට නවතින්න වෙනවා. තුවාල බරපතලයි"

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම වුණා.

‘‘පොළොන්නරුවෙන් පාගමනට බස් 50ක සෙනඟ එනවා. මම නොගියොත් ඔවුන් අසරණ වෙනවා. කකුල මොනවා වුණත් රෝද පුටුවකින් හරි මම පාගමන යනවා."

රොෂාන් කියපු විදිහටම වෛද්‍ය උපදෙස් නොතකා රෝද පුටුවෙන් පාගමන් ගියා.


MOST VIEWED VIDEO STORIES

MORE >>