Back to Top

රංජන්ගේ කතාවට අගමැතිට හිනායයි

July 23, 2016  


මහනුවර සිට කොළඹ දක්වා යන පාද යාත්‍රාව ගැන ජනතාව දැනුවත් කිරීමට මිනුවන්ගොඩට ගිය ගීතා කුමාරසිංහට සහ  වීරකුමාර දිසානායකට රාත්‍රී ආහාර ලෙස ආප්ප සකසා තිබුණා.

ගීතා කුමාරසිංහ ආප්ප රස අගය කර කර කනවා දුටු වීරකුමාර අනතුරු ඇඟවීමක් කළා.

´´මන්ත්‍රීතුමිය ආප්ප රස කර කර කෑවට කමක් නෑ, හෙට උදේ අනිත් පැත්තට යනවා එහෙම නෙමෙයි.´´

´´අපෝ මල්ලී, ආප්ප නෙමෙයි රත්තරං කිව්වත් මම නම් ඒ පැත්තට යන්නෑ. හැබැයි මල්ලිත් ආප්ප කෑවනේ, යන්න එහෙම හිතන්න එපා´´ කියමින් ගීතා හිනාවුණා‍.

අගමැතිවරයා සිංගප්පූරු සංචාරය නිමා කර ලංකාවට ආපු ගමන් පක්ෂයේ මැති ඇමතිවරු සමග වත්මන් දේශපාලන ගැන කතා කළා.

´´පසුගිය දවස්වල ඇතුළට දාපු නාමල් එළියට දැම්මා, ඒ සමගම බැසිල් ඇතුළට දැම්මා, දාපු ගමන් ජාතික රෝහලට යැව්වා, මේ ගැන වෙබ් අඩවි වලින් බන්ධනාගාර වෛද්‍යවරන්ගේ රෙදි ගැලෙව්වා´´.

ඇමති දයා ගමගේ කතාව අහගෙන හිටපු අගමැතිවරයා අනාවරණයක් කළා.

´´අපේ අයයි, ශ්‍රී ලංකා එකේ අයයි මට කියනවා හම්බන්තොට ව්‍යාපෘතිවලින් මහින්දගේ නම ඉවත් කරන්න කියලා, මම ඒකට ඉඩ දෙන්න බෑ කිව්වා.´´

අගමැතිගේ තීන්දුව අනුමත කරමින් රංජන් රාමනායක කිව්වේ මොකක්ද දන්නවද?

´´මහින්දගේ නම ඉවත් කරන්න එපා, ශ්‍රී ලංකා එක දෙකඩ කිරීමේ ගෞරවයක් ලෙස ඒ නාමය අපි රකින්න ඕනේ´´.

රංජන්ගේ කතාවට අගමැතිට හොඳටම හිනා ගියා.


MOST VIEWED VIDEO STORIES

MORE >>