Back to Top

ජෝන්ගේ කතාවට චන්ද්‍රිකාට කේන්ති යයි

July 23, 2016  



පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී හමුවුණා. මෙහි ආරම්භක කතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළා.

´´කවුරු කොහොම ‍කිව්වත් ලබන අවුරුද්දේ අපි කොට්ඨාස ක්‍රමයට ඡන්දය තියනවා. මහින්ද මහත්තයා කියනවා මීට වඩා ප්‍රබල ආණ්ඩු පෙරලලා තියෙනවා කියලා, එයා පෙරලපු ආණ්ඩුවක් නෑ, 94 දී චන්ද්‍රිකයි ආණ්ඩුව පෙරළුවේ. මේ ආණ්ඩුව අවුරුදු 5 ක් යනකම් හොල්ලන්නවත් බෑ. ඒක ළඟදිම තේරෙයි.´´

යහපාලන ආණ්ඩුවේ කාලය වසර 05 කින් දීර්ඝ කරන බවට ජනාධිපතිවරයා එලෙස ඉඟි පළ කළා.

ජනාධිපතිගේ කතාවෙන් පසුව අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න නැගිට්ටා.

´´මට නම් හිතෙන්නේ ශ්‍රී ලංකා එකට තනිවම ජනාධිපති කෙනෙක් බිහිකරන්න පුළුවන් පරිසරයක් නැහැ කියලයි.´´

ජෝන්ගේ කතාව හිටපු ජනාධිපතිනිය මෙහිදී අනුමත කළේ නෑ.

අදාළ නැති තියරි මෙතන ඉදිරිපත් කරන්න එපා, 94 ආණ්ඩු පෙර‍ළුවෙත් එකතුවෙලා, මහින්ද ආණ්ඩු පෙරළුවෙත් එකතුවෙලා.

හිටපු ජනාධිපතිනියගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව පක්ෂයේ ආසන සංවිධායක ධුරවල වෙනස්කම් සිදු කිරීමට සාකච්ඡා වුණා.


MOST VIEWED VIDEO STORIES

MORE >>