Back to Top

විමල් මම දැන් ඩලස්ට කිව්වා ඩිලාන්ට උත්තරයක් දෙන්න කියලා

May 28, 2016  



මේ අතර ගංවතුර තත්ත්වය ගැන ඒකාබද්ධ විපක්ෂය පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ඡා කළා.

"පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ පාඩුව මේකෙදි ආණ්ඩුවට හොඳට දැනුණා. අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන් හිටියානම් සහන සැලසීමේ කටයුතු හොඳට සම්බන්ධීකරණය කරනවා, වෙනදා මේවගේ සිද්ධියක් වුණාම බර කරට ගන්නේ අපේ මන්ත්‍රීවරු“

දිනේෂ් ගුණවර්ධනගේ ඒ කතාව අනුමත කරමින් ප්‍රසන්න රණතුංගත්  කතා කළා.

“ආණ්ඩුව සහන බෙදීමේ වැඩපිළිවෙළ අනාගත්තා, වෙලාවට අපේ රටේ මිනිස්සු සමග මාධ්‍ය වැඩේට බැස්සේ, නැත්නම් ජනතා නැගිටීමක් ඇතිවෙන්න ගියේ“

ප්‍රසන්නගේ කතාව ඔළුව වනා හැමෝම අනුමත කළා.


විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල නොමැතිව නව සන්ධානයක් හදන බව  පසුගියදා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මාධ්‍යයට කළ ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්වුණා.

ඒ කතාව දුටු මහින්ද වහාම විමල්ට ඇමතුමක් ගත්තා.

“විමල් මම දැන් ඩලස්ට කිව්වා ඩිලාන්ට උත්තරයක් දෙන්න කියලා, ඔය දෙන්නා නැති තැනක අපිත් නෑ කියලා හිතාගන්න.“

‘‘ජනමතය නොදැන කරන ගොන් කතා මම නම් ගණන්ගන්නේ නෑ“

‘‘හොඳයි විමල් හොඳයි‘‘ කියමින් මහින්ද දුරකථනය විසන්ධි කළා.

MOST VIEWED VIDEO STORIES

MORE >>