Back to Top

ඇතැමුන් හොඳටම කලබල වෙලා

April 23, 2016  



ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය සිකුරාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

කෑම මේසයේ කෑම කනගමන් මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනයේ සංවිධාන කටයුතු ගැන දිනේෂ් ගුණවර්ධනගෙන් විමසුවා.

“ගිය පාරටත් වඩා හොඳ උනන්දුවක් තියෙනවා මැයි රැලියට එන්න“

දිනේෂ් එහෙම කියද්දී ඩලස් අලහප්පෙරුම අනතුරුදායක පැත්ත ගැන කතා කළා.

“අපේ සංවිධාන කටයුතු දැකලා ඇතැමුන් හොඳටම කලබල වෙලා. හයිඩ් පිටියේ රැස්වීමට වගේ මේකටත් අනිවාර්යයෙන් බාධා කිරීම් සිදුවෙයි. මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ. ආණ්ඩුවට එරෙහිව මිනිස්සු පාරට බහින්න සූදානම් වෙලා ඉවරයි“

ඩලස්ගෙන් පසු රෝහිත අබේගුණවර්ධන මැයි රැලියෙන් සිදුවන වැදගත්ම දේ පැහැදිලි කළා.

“දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න උදවියට දැන් එක පැත්තක් තෝරා ගැනීමට සිදුවනවා.

“ඒක නම් ඇත්ත“ කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙපැත්ත කන මන්ත්‍රීවරුන් ගැන මතක් වී හිනාගියා.



MOST VIEWED VIDEO STORIES

MORE >>