Back to Top

දැන් ඉතින් මටත් කේක් කෑල්ලක් කවන්න

March 26, 2016  






අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන උපන්දින සැමරුම ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

"සුබ උපන්දිනයක්´´ කියමින් ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා මුලින්ම සුබ පැතුවා.

"සර් සුබ පතලා විතරක් මදි, අගමැතිතුමාට කේක් කෑල්ලක් කවන්න"

මාධ්‍යවේදියෙක් කළ යෝජනාවට අනුව ජනාධිපතිවරයා අගමැතිතුමාට කේක් කැව්වා.

´´දැන් ඉතින් මටත් කේක් කෑල්ලක් කවන්න"

ජනපති කළ ඉල්ලීම මත අගමැතිවරයාත් ජනපතිට කේක් කැව්වා.

´´නියම ජෝඩුව හැමදාමත් ඔය බැඳීම තියාගන්න ඕනේ"

ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා කතාවට හැමෝම හිනාවෙද්දී මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් හිනාවෙලා අගමැතිවරයාට සුබ පැතුවා.




MOST VIEWED VIDEO STORIES

MORE >>