Back to Top

අපි මොනව කළාත් සුළු ජාතීන් දිනාගන්න වැඩපිළිවෙළක් නෑ

March 26, 2016  




හයිඩ් පිටියේ රැළියෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ අංක 4 කමිටු කාමරයකදී හමුවුණා.

"අපි හැමෝගෙම කැපවීම නිසා හයිඩ් පිටිය රැස්වීම ඉතාම සාර්ථක වුණා"

දිනේෂ් ගුණවර්ධන සංවිධායකයින්ට ඒ විදිහට ස්තූති කරද්දී ඩලස් අලහප්පෙරුමත් කතාවට එකතු වුණා.

"ඒකාබද්ධ විපක්ෂයක් තියෙනවද කියලා සමහරු ඇහුවා. ඒක තියෙන්නේ කොහොද කියලා ඇහුවා. එහෙම අහපු අයට හොඳ උත්තරයක් මේ රැස්වීමෙන් අපි දුන්නා. අපි යූ.එන්.පී. විරෝධය එක තැනකට ගොනු කිරීම විශාල ජයග්‍රහණයක්."

ඩලස්ගේ කතාවෙන් පසුව පියල් නිශාන්ත බරපතළ ප්‍රශ්නයක් මතුකළා.

"අපි මොනව කළාත් සුළු ජාතීන් දිනාගන්න අපට නිශ්චිත වැඩපිළිවෙළක් නෑ. මහින්ද මහත්තයාගෙන් සුළු ජාතීන් ඉවර කරන කුමන්ත්‍රණය තනිකරම කළේ පාඨලී වගේ අය. බේරුවල සිද්ධිය ඒකට හොඳ උදාහරණයක්. අපි සුළු ජාතීන්ට විරුද්ධ නෑ කියලා ලෝකෙට පෙන්නමු. ඊළඟ රැළිය අපි බේරුවල තියමු"

පියල්ගේ යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය එකඟත්වය පළකළා.


MOST VIEWED VIDEO STORIES

MORE >>