Back to Top

සමහරු මට පාඩමක් උගන්වන්න හදනවා

November 16, 2015  



ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන, කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග, ප්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම සහ භණ්ඩාගාරික ලෙස මහින්දානන්ද අලුත්ගමගේ යන අය පසුගියදා පත්වුණා.

එවන් පසුබිමක පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසට බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන වල සහභාපතිවරුන් ‍කැ‍ඳවුවා.

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ගැන මුලින්ම මන්ත්‍රීවරුන්ට දැනුවත් කළා.

ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය ති‍යනවා. මේ මැතිවරණ තියෙන්නේ කොට්ඨාස ක්‍රමයටයි. මේවගේ සීමා නිර්ණ කටයුතු හරියට වුණේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂය දැඩි විරෝධයක් එල්ල කළා. ඒත් මම ඒක වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා හැමෝම කොට්ඨාස ක්‍රමයට ලෑස්ති වෙන්න.

අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සන්ධානයක් විදිහටයි. අපි තව පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කරනවා. මම මැතිවරණයට නායකත්වය දෙනවා කිව්වහම සමහරු මට පාඩමක් උගන්වන්න හදනවා. ඒ අය අපේ පක්ෂය පරද්දන්න කතා කරනවා. හැබැයි මතක තියාගන්න පැරදුණොත් පරදින්නේ මම නෙවෙයි. ඒගොල්ලෝ. තනතුරු නැතිවෙන්නේ ඒගොල්ලන්ට මිසක් මට නෙවෙයි.

ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළා.


MOST VIEWED VIDEO STORIES

MORE >>