Back to Top

ජවිපෙ ජනපති සාකච්ඡාවටට සහභාගි වෙයි

October 26, 2015  


පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ලිපියක් ලැබී තිබුණේ සාකච්ඡාවක් සඳහා දැනුම්දීමක් කරමිනි. ලිපිය ලැබීමෙන් අනතුරුව ටිල්වින් සිල්වා මේ පිළිබඳ ජවිපෙ නායකයින් සමග සාකච්ඡා කළේ එම ආරාධනාව බාරගන්නවාද නැද්ද කියාය.

”විශාල කරුණු ගොඩක් එක්ක ලිපිය එවලා තිබුණට නිශ්චිත අරමුණක් වෙනුවෙන් සාකච්ඡාවට  කැඳවන බවක් සඳහන් කරලා නැහැ. සාකච්ඡාව  කරන්නේ කුමක් සඳහාද කියන එකවත් පැහැදිලි කරලා නැහැ.” ටිල්වින් සිල්වා කීවේය. ”ජිනීවා යෝජනා ගැන සාකච්ඡා කරන්න පක්ෂ නියෝජිතයින් කැඳවනවා කියලා මීට කලින් ජනාධිපතිතුමා කියලා තිබුණා. නමුත් එහෙම සාකච්ඡාවක් කරනවානම් නිශ්චිත අරමුණක් සාකච්ඡාව  ගැන සටහනක් තිබිය යුතුයි. එහෙම දෙයක් නැහැ වගෙයි පේන්න තියෙන්නේ.

මාධ්‍ය සංදර්ශනයක්ද දන්නේ නැහැ” විජිත හේරත් කියා සිටියේය. ”නමුත් අපි මේ සාකච්ඡාවට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපේ අදහස් සෘජුව කියන්න අවස්ථාවක් ලැබෙනවා. හොඳ අරමුණකින් මේ සාකච්ඡාව කැඳවනවානම් අපිට සහාය දෙන්න පුළුවන්” ටිල්වින් සිල්වා කීවේය. ඒ අනුව 22වෙනිදා පැවැත්වෙන පක්ෂ නියෝජිත හමුවට ටිල්වින් සිල්වා සහ විජිත හේරත් ජවිපෙ නියෝජනය කරමින් සහභාගිවීමට තීරණය කෙරිණි.


MOST VIEWED VIDEO STORIES

MORE >>