Back to Top

රාජපක්ෂ වෙනුවට ආපු ආණ්ඩුවත් කිසි වෙනසක් නැහැ

October 26, 2015  




”එස්.බී., මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාට ළං වෙලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවන්න උත්සාහ කරමින් ඉන්නවා කියලා ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් මට කිව්වා. එස්.බී. එහෙ මෙහෙ පැන පැන ඉඳලා අයෙත් ශ‍්‍රීලනිපයට රිංගලා ශ‍්‍රීලනිපයත් නැති කරලා මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාටත් යනඑන මං නැති කරන්න තමයි යන්නේ කියලා තමයි ශ‍්‍රීලනිපයේ අය කියන්නේ” විජිත හේරත් කීවේය. ”මේ දවස්වල එස්.බී. කියන කතාවලින් ඒ බව පේනවා. මහින්ද රාජපක්ෂට හොඳ කියපු කටින් දැන් දිගට හරහට මහින්දට ගහනවා. මේක තමයි එස්.බීගේ දේශපාලනය” ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.


”යහපාලන ආණ්ඩුව කැසිනෝ ඉවත් කරනවා කිව්වට ඒක කළේ නැහැ. පනතක් ගෙනත් කළේ කැසිනෝවලට බදු වැඩි කරලා කැසිනෝ නීතිගත කරපු එක. 05%ක් තිබුණ කැසිනෝ බදු 10%ක් කළා. කැසිනෝ සෙල්ලම් කරන පුද්ගලයෙකු අනිවාර්යෙන් ඩොලර් 100ක් ගෙවන්න  ඕනෑ. දැන් කැසිනෝ ගහන්න නීතියෙන් අවසරය දීලා. රාජපක්ෂ වෙනුවට ආපු ආණ්ඩුවත් කිසි වෙනසක් නැහැ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.


”උසස් නිලධාරීන් පත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පත්කළා. මේ සැරේ විශේෂ දෙයක් වුණා. ඒක තමයි සභාපතිකම කතානායකවරයාම ලබාගැනීම. මීට කලින් එහෙම වෙලා නැහැ.” අනුර දිසානායක කීවේය. ”කාරක සභාව පත්කරපු ගමන් පත්කිරීම් දෙකක් කළා. එකක් සිංගප්පූරුවේ තානාපති ධුරය. ඒකට පත්කළේ එක්සත් ජාතිත පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක්. ඒක දේශපාලන පත්කිරීමක්. ඒ විතරක් නෙවෙයි බෙල්ජියමේ ඉන්න තානාපති තුර්කියට දාලා. ඒ තානාපතිතුමා රාජ්‍යතාන්ත‍්‍රික සේවයේ දක්ෂ නිලධාරියෙක්.” විජිත හේරත් කීවේය. 

 
”ඒ විතරක් නෙවෙයි. පොලිස් කොමිසමට පත්කරපු හත්දෙනා සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ව්‍යවස්ථා සභාව ඒක ගැන නැවත සාකච්ඡාවක් දාලා තියෙනවා විසිදෙවැනිදා. හදිසියට පත්කිරීම් කරලා අවුල් හදාගන්නවා” ජවිපෙ ව්‍යවස්ථා සභාවේ නියෝජනය කරන විජිත හේරත් ඒ සම්බන්ධයෙන්ද තම මන්ත‍්‍රී කණ්ඩායම දැනුවත් කළේය.
 


MOST VIEWED VIDEO STORIES

MORE >>