Back to Top

ලාල් කාන්තගේ ජාතික දේශපාලනය

September 5, 2015  


ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර කේ. ඩී. ලාල් කාන්ත පසුගිය සති දෙක තුළ දේශපාලන ක්ෂේත‍්‍රයේ වැඩිම කතාබහකට ලක්වූ අයෙක්. ඒ ගැන ජනමාධ්‍ය විවිධ ප‍්‍රවෘත්ති මවා තිබුණා. කව්රුන් කුමන ප‍්‍රවෘත්ති මැව්වත් තම කාර්යභාරය කරගෙන ගිය ජවිපෙ අවශ්‍ය කරුණු පැහැදිළි කිරීම පමණක් කළා. ඒ පැහැදිළි කිරීම් තුළින් කියවුණේ ”ජාතික දේශපාලනයේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට පළාත් සභා මන්තී‍්‍රධුරයෙන් ඉල්ලා අස්වුණා.” කියන දේය. එසේ වුවත් ලාල් කාන්ත හිටපු මන්තී‍්‍රවරයාගේ ජාතික දේශපාලන අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් වශයෙන් පත්කිරීම බව ඇතැම් ප‍්‍රවෘත්තිවලින් කියා තිබුණා.


ලාල් කාන්ත මන්තී‍්‍රවරයාගේ ඉවත් වීමට ඇත්ත හේතුව මොකක්ද යන්න පසුගිය සතියේ හෙළිදරව් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්තය. පසුගිය කාලයේ වෘත්තීය සමිති ඉල්ලිම් 10ක් ඔහුගේ නායකත්වය යටතේ ඉදිරිපත්කර තිබුණා. වැටුප් වැඩිකිරීම්, වෙනත් දීමනා ලබාගැනීම්, සහ අනියම් සේවකයන් ස්ථිර කරගැනීම් ඒ ඉල්ලීම් අතර මුලින්ම තිබුණා. පසුගිය මැතිවරණ කාලයේ යට ගිහින් තිබුණු මේ ඉල්ලීම් 10 නැවත මතුකරගනිමින් ආයතන මට්ටමින් සේවකයින් දැනුවත් කිරීමේ සැලැස්මක් සකස්කර තිබුණා. මේ ඉල්ලීම් අතර තිබෙන ආර්ථික ඉල්ලීම් ලබන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය මගින් දිනා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ ඉල්ලීම් 10 අඩංගු යෝජනාව පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටත් ජාතික වත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත ප‍්‍රමුඛ වෘත්තීය සමිති නායකයින් සැලසුම්කර තිබෙනවා. ඉදිරියේදී එම සැලසුම් ජාතික මට්ටමින් කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව ජවිපෙ ප‍්‍රකාශ කරනවා.


MOST VIEWED VIDEO STORIES

MORE >>