Back to Top

ශ‍්‍රීලනිපයෙන් දෙපත් නයෙක්

August 28, 2015  



ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේදී අනාගත පාර්ලිමේන්තුවේ විපක්ෂය සහ විපක්ෂ නායකයා සම්බන්ධයෙන්ද සාකච්ඡාවක් මතුවිය. ”දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂය කවුද කියලත් ප‍්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරයා කියපු විදියට ශ‍්‍රීලනිපයේ කැමති අයට ආණ්ඩුවට යන්නත් විපක්ෂයේ ඉන්නත් පුළුවන්. ඒක පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය නෙවෙයි. දැන් මේ කරන්න යන්නේ ආණ්ඩුවෙත් ඉන්න ගමන් විපක්ෂයත් අල්ල ගන්න. ශ‍්‍රීලනිපය දෙපත් නයෙක් වගේ. එක ඔළුවක් ආණ්ඩුවේ. අනෙක් ඔළුව විපක්ෂයේ” විජිත හේරත් කීවේය.


”දින සියයේ ආණ්ඩුවෙත් මේ සෙල්ලම කළා. නිමල් සිරිපාල දාලා විපක්ෂය අල්ල ගත්තා ආණ්ඩුවේ ඉන්න ගමන්. ඒක වැරදි පූර්වාදර්ශයක්. දින සියයට එහෙම වුණාට වසර පහකට හදන පාර්ලිමේන්තුවේ එහෙම වෙන්න දෙන්න බැහැ. ඒක රටටත් ජනතාවටත් හොඳ දෙයක් නෙවෙයි.” අනුර දිසානායක කීවේය.


”ඔව්. එහෙම කරන්න හදන්නේ ජනතාවට හරි, රටට හරි හොඳ දේවල් කරන්න නෙවෙයි. ආණ්ඩුවේ කරන ජනතා විරෝධී වැඩවලට එන විපක්ෂයේ විරෝධය සමනය කරන්න තමයි මේ විදියේ දෙයක් කරන්න යන්නේ. ඒකට ඉඩ දිය යුතු නැහැ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.


”ඔව් මේකද යහපාලනය කියන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. එහෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රටට හොඳ වෙන්න පුළුවන්කමක් නැහැ. සෙටප් කරන විපක්ෂ අපේ රටේ පාර්ලිමේන්තුවට  ඕන නැහැ. මේකට තදින් පාර්ලිමේන්තුවේදී විරෝධයක් පළකරන්න  ඕනෑ. ඒ විතරක් නෙවෙයි රටේ මතයක් හදන්නත්  ඕනෑ.” ලාල්කාන්ත අවධාරණය කළේය. 


MOST VIEWED VIDEO STORIES

MORE >>