Back to Top

ජවිපෙ රට වෙනුවෙන් නව ගමනක

July 9, 2015  



ජනතා විමුක්ති පෙරමුණද මේ වනවිට සිය නාමයෝජනා අත්සන් කිරීම බොහෝ දුරට අවසන් කොට තිබේ. සියලූම දිසත‍්‍රික්ක සඳහා නාමයෝජනා භාරදීමට ජවිපෙ කටයුතු සූදානම් කොට ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් නියෝජනයක් සහිතව නාමයෝජනා පත‍්‍ර සම්පූර්ණ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇතැයි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. සියලූම දිස්ති‍්‍රක්ක සඳහා මේ වනවිට කණ්ඩායම් නායකයින් පත් කර තිබේ. බොහෝ කණ්ඩායම් නායකයින් උපාධිධාරීන් වීම ජවිපෙ නාමයෝජනාවල විශේෂත්වයකි.

කොළඹට නායකත්වය ලබාදෙන අනුර දිසානායක, ගම්පහට නායකත්වය ලබාදෙන විජිත හේරත්, අනුරාධපුර කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ, මාතලේ දිස්ත‍්‍රික්කයේ ගමගෙදර දිසානායක, කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ගාමිණී රත්නායක, බදුල්ල දිස්ත‍්‍රික්කයේ සමන්ත විද්‍යාරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ය. මහනුවර දිස්ති‍්‍රක්කයට නායකත්වය ලබාදෙන ගයාන් ජානක කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. හම්බන්තොට නිහාල් ගලප්පත්ති රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී උපාධිධාරියෙකි. මාතරට නායකත්වය ලබාදෙන සුනිල් හඳුන්නෙත්ති, කළුතරට නායකත්වය ලබාදෙන වෛද්‍ය නලින්ද ජයතිස්ස, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න, මොනරාගල දිස්ත‍්‍රික්කයේ ආර්.එම්. ජයවර්ධන, අම්පාර දිස්ත‍්‍රික්කයේ වසන්ත පියතිස්ස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ය. පුත්තලම දිස්ති‍්‍රක්කයේ කණ්ඩායම් නායක සමන්ත කෝරලේආරච්චි මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ගාල්ල දිස්ත‍්‍රික්කයේ නලින් හේවගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.


නාමයෝජනා දහවෙනි දින සහ දහතුන්වෙනි දින භාරදීමට ජවිපෙ කටයුතු සූදානම් කර තිබේ. නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ලබන දාහතරවන දිනම ජවිපෙ ප‍්‍රචාරක රැලි මාලාව ආරම්භ කෙරෙනු ඇත. පළමු ප‍්‍රචාරක රැලිය ජවිපෙ නායක සහ කොළඹ දිස්ත‍්‍රික් නායක අනුර දිසානායක, දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත යන අයගේ ප‍්‍රධානත්වයෙන් 14වැනි දින මහරගමදී පැවැත්වීමට නියමිතය. ඊට අමතරව ජවිපෙ නායකයා සහභාගි වන ප‍්‍රධාන රැස්වීම් සියයක් රට පුරා පැවැත්වීමටත් ආසන මට්ටමින් ජනහමු පන්දහසකට අධික ප‍්‍රමාණයක් පැවැත්වීමටත් මේ වනවිටත් ප‍්‍රචාරක කටයුතු සැලසුම් කර තිබේ. ජවිපෙ මෙවර මැතිවරණ සටන් පාඨය ”රට වෙනුවෙන් නව ගමනක්” වන අතර ප‍්‍රචාරක තේමාව ”ජනතා විමුක්ති පෙරමුණ: අපේ දේශයේ හෘදසාක්ෂිය” යන්නයි.



MOST VIEWED VIDEO STORIES

MORE >>