Back to Top

ජාතික වැඩපිළිවෙළ ජූලි මස මැදදී

July 9, 2015  



ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික වැඩපිළිවෙළක් රටට හඳුන්වාදීමට මේ වනවිටත් කටයුතු සැලසුම් කරමින් සිටියි. මේ සඳහා මේ වනවිට ලැබී තිබෙන යෝජනා සැලකිල්ලට ගනිමින් විද්වත් මණ්ඩලයක් විසින් ජාතික වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය යෝජනා සකස් කරමින් තිබේ.

මේ අතර ජවිපෙ නායකයයාගේ විද්වත් වෘත්තිකයින් පිරිසක් හමුවීමටද කටයුතු කළේ ජවිපෙ ජාතික වැඩපිළිවෙල සම්බන්ධයෙන් තවදුරටත් යෝජනා අදහස් ලබාගැනීමට සහ ඒ පිළිබඳ අවසන් සමාලෝචනයක් කර ගැනීමටය. ඒ අනුව පසුගිය සතිය තුළ වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, පරිපූරක වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයින්ද, පරිසරවේදීන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ කලාකරුවන් හමුවීමට ජවිපෙ කටයුතු කළේය.

මේ සඳහා පක්ෂ නායක අනුර දිසානායක, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක යන අය සහභාගි වූහ. මෙම ජාතික වැඩපිළිවෙළ එළිදැක්වීමට මේ මස විසිවෙනිදායින් පසු ආසන්න දිනයක් තීරණය වනු ඇති බව පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


MOST VIEWED VIDEO STORIES

MORE >>