Back to Top

රාජිතයි චම්පිකයි රට පුරා බොරු කියාගෙන යනවා

June 5, 2015  



පසුගිය පළමුවෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභාව රැස්වූයේ බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදීය. පක්ෂ නායක අනුර දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ එම මධ්‍යමකාරක සභා රැස්වීමේදී ප‍්‍රධාන වශයෙන් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. ”මේ යන විදියට නම් රටට සෙතක් වෙන්නේ නැහැ. දින සියයෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවලා අලූත් පාර්ලිමේන්තුවක් හදන්න මෛත‍්‍රීපාල සිරිසේන පොරොන්දු දුන්නා. දැන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුන්වෙලා තියෙන්නේ. අවුරුදු 67ක් තිස්සේ තට්ටුමාරුවට රට පාලනය කළා. දැන් හවුලෙත් මාස පහක් රට පාලනය කළා. බැරිකම ඔප්පු කරලා තියෙනවා” ටිල්වින් සිල්වා කියා සිටියා.

”රාජිතයි, චම්පිකයි රට පුරා බොරු කියාගෙන යනවා. දැන් මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා රාජිතලගෙයි චම්පිකලගෙයි ලණුව කාලා ඉන්නේ. මැතිවරණ ක‍්‍රමය සම්මත කරන එක කල් දානවා. ඒකෙන් වාසිය එන්නේ වැලේ වැල් නැතිව ඉන්න මහින්දලාටයි. මෛත‍්‍රීපාල මහත්තයා හිතනවා අයෙත් මහින්ද ආවොත් ලොකු ඡුන්ද ප‍්‍රමාණයක් අරගෙන දිනයි කියලා. ඒක නිසා ඡන්ද ක‍්‍රමය සම්මත කරන එක කල්දානවා.” ලාල්කාන්ත කීවේය.

”ඡන්ද ක‍්‍රමය ගැනත් ආණ්ඩුවේ පක්ෂවලටවත් එකඟතාවයක් නැහැ. ආසන 225ද 255ද කියලා වාදයක් තියෙනවා. මේවා ගේන්නේම මේක කල්දාන්න. එකෙන් පාර්ලිමේන්තුව විසුරුවන එකත් කල් දාන්න හදනවා” විජිත හේරත් කීවේය.

“මේ ආණ්ඩුව දින සියයෙන් කරනවා කිව්ව වැඩ ටිකවත් කළාද? ජනතාවට පොරොන්දු දුන්නට ඒකෙන් කීයක්ද ඉටුකරලා තියෙන්නේ. සමෘද්ධිය 200%ක් වැඩිකරනවා කිව්වා වැඩි කළේ නැහැ. මහපොළ වැඩි කරනවා කිව්වා වැඩි කළේ නැහැ. තේ, රබර් මිල වැඩි කරනවා කිව්වා ඒවා හරියට පොරොන්දු ඉටුකරලා නැහැ. ඒ නිසා අඩුම තරමේ ඒ වැඩ ටික කරන්න ආණ්ඩුවට බලපෑම් කරන්න  ඕනෑ” බිමල් රත්නායක කීවේය.

“හොරු අල්ලනවා කියලා මහා ලොකුවට පම්පෝරි ගැහුව්වා. දැන් ඒ ගැන පරීක්ෂණ විතරයි. හැමදාම පරීක්ෂණ නමුත් ඉන් ඉදිරියට කි‍්‍රයාමාර්ග නැහැ. කුඩු කන්ටේනර් ගණන් ගෙන්වපු අය ගැන එජාපයේ අය පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්නා. දැන් ඒවා ගැන කතාවක් නෑ. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවට දුන්නු පොරොන්දු ටිකවත් ඉටු කරන්නේ නැහැ. නිකන් බොරුවට කාලේ නාස්ති කරනවා විතරයි.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

“ඔව් දැන් මේ පාර්ලිමේන්තු විසුරුවන කතා, 20වැනි සංශෝධනය වගේ දේවල් ගැන කිය කියා ජනතාවට දුන්නු පොරොන්දු යට ගහනවා. ඒ නිසා අපි මේ ගැන ජනමතයක් හදන්න  ඕනෑ. ආණ්ඩුවට දුන්නු පොරොන්දු ඉටු කරන්න බලපෑමක් කරන්න  ඕනෑ. ඒක නිසා අපි ඒක මුලින්ම ජනතාවට මතක් කර දෙන්න  ඕනෑ. ඊට පස්සේ ජනතාවත් මැදිහත් කරගෙන ආණ්ඩුව ජනතාවට දෙන්න පොරොන්දු වුණු දේවල් ලබාගන්න  ඕනෑ” අනුර දිසානායක කීවේය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ පසුගිය හතරවෙනිදා මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් රට දැනුවත් කළේය. එම මාධ්‍ය හමුවට ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ මධ්‍යම කාරකසභික නීතීඥ සුනිල් වටගල සහභාගි වූහ.
 


MOST VIEWED VIDEO STORIES

MORE >>