Back to Top

ව්‍යවස්ථාදායක සභාවට ජවිපෙ නියෝජිතයා ඉල්ලයි

May 22, 2015  




පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට සහභාගිවී සාකච්ඡා කාමරයෙන් එළියට පැමිණෙමින් සිටි විජිත හේරත්ට කථානායකවරයා මුණ ගැසුණේය. “මන්ත‍්‍රීතුමා ඔබතුමාලාගේ නියෝජිතයා නම් කරලා එවන්න ව්‍යවස්ථාදායක සභාවට. එහෙම වුණොත් සිකුරාදා අපිට ව්‍යවස්ථාදායක සභාව නම් කරලා අවසන් කරන්න පුළුවන්.” කථානායකවරයා කියා සිටියේය.

“අපි හිතුවේ ඒ නියෝජිතයා පත්කරන්න අයිතිය තිබෙන්නේ ටී.එන්.ඒ එකට කියලා. අපි ටී.එන්.ඒ එකත් එක්ක සාකච්ඡා කරලා ඉක්මනටම නියෝජිතයා නම් කරලා එවන්නම්.” විජිත හේරත් කතානායකවරයාට පොරොන්දු විය.


නව මැතිවරණ ක‍්‍රමයට ජවිපෙන් යෝජනාවක්...


මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් නව මැතිවරණ ක‍්‍රමයක් සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ජවිපෙ ස්ථාවරය වී ඇත්තේ නව මැතිවරණ ක‍්‍රමයෙන් ජනතා කැමැත්ත සාධාරණව පාර්ලිමේන්තුවේ පිළිබිඹු විය යුතු බවත් මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කළ යුතු බවත්ය. එමෙන්ම ජවිපෙ නව යෝජනාවක් ඉදිරිපත් කරයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 7වැනි ලක්ෂණය ලෙස තිබෙන්නේ ‘නාම යෝජනා භාරදීමේදී දිස්ත‍්‍රික් මට්ටම සඳහා සමානුපාතික ක‍්‍රමය යටතේ පත්විය හැකි උපරිම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවක් මැතිවරණ කොට්ඨාස සඳහා නාම යෝජනා කළ යුතු අතර ඡන්ද ප‍්‍රදේශවලට තරග කරන අපේක්ෂකයින් නිශ්චිතව සඳහන් කළ යුතු’ බවය. ඒ අනුව ජවිපෙ කියා සිටින්නේ ”දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ කේවල ඡන්ද ප‍්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් තරග කරන අපේක්ෂකයාගේ නම පමණක් ඡන්ද දායකයාට තෝරාගැනීම සඳහා ඡන්ද පත‍්‍රිකාවේ ඉදිරිපත් කිරීම අසාධාරණ බවය. එසේ වන විට දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ අතිරේකව තරග වදින එනම් ඡන්ද ප‍්‍රදේශයක් නියෝජනය නොකරන අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් නොවන අතර ඔවුන්ගේ නම් ඇත්තේ නාම යෝජනා පත‍්‍රයේ පමණි. ඔවුන් සඳහා වන තමන්ගේ කැමැත්ත සලකුණු කිරීමේ හැකියාවද ඡන්දදායකයින්ට අහිමි කෙරෙනු ඇත.


මෙසේ වන විට යම් දිස්ත‍්‍රික්කයක් වෙනුවෙන් සමානුපාතික ලයිස්තුව යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මැතිවරණයේදී කාර්යභාරයක් නොමැති වීමද ඔවුන් එකම දිස්ත‍්‍රික්කයක අසමාන තරගකරුවන් වීමද වැළැක්විය නොහැකි වනු ඇති බව පෙන්වා දෙන ජවිපෙ එහෙයින් ඡන්දදායකයින්ට එම අපේක්ෂකයින් සඳහා තම කැමැත්ත ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදිය යුතුව ඇති බවට යෝජනා කරයි.


MOST VIEWED VIDEO STORIES

MORE >>