Back to Top

මෛත‍්‍රී හදන්නෙ ලිස්සලා යන්න...

April 24, 2015  



පසුගිය 20වෙනි සඳුදා දිනයේ රාත‍්‍රීයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පක්ෂ නායකයින්ගේ හමුවක් පැවැත්වූයේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමටය. මේ සඳහා සහභාගි වූයේ ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ය. මෙම සාකච්ඡාවේ ජවිපෙ මතය ඔහු ප‍්‍රකාශ කළේය.

”අපි කියන්නේ 19 සංශෝධනය හෙටම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා. මොකද මේ වෙනකොට දින සියයත් ගෙවිලා ඉවරයි. පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ ඡන්දේ දෙන්නේ කවුද නැත්තේ කවුද කියලා බලාගන්න පුළුවන්. ඡන්දේ නොදෙන අයට මොකද කරන්නේ කියලා ජනතාව තීරණය කරයි. ඒ වගේම එදාට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් පළවෙනි කතාව කළ යුතුයි” විජිත හේරත් අවධාරණය කළේය.

එහිදී ජනාධිපතිවරයා ඊට එකඟ විය. ”මම පාර්ලිමේන්තුවට එන්නම්.” ඔහු කීවේය. අනෙකුත් පක්ෂ නායකයින්ද මේ සම්බන්ධයෙන් එකඟතාවය පළ කළේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>