Back to Top

ජාතික ආණ්ඩු හදන්නේ හොරු ආරක්ෂා කරන්න

February 26, 2015  



මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක රට පුරා ගමන් කරන්නේ සම්මන්ත‍්‍රණ සහ රැලි මාලාවක් ඇමතීමටය. මේ ආණ්ඩුවේ ඇතැම් කි‍්‍රයාමාර්ග අනුර දිසානායකගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. ඒ අතර ජාතික ආණ්ඩුව ගැනද විශාල විවේචනයක් පසුගියදා එල්ල කළේය.

“අපේ‍්‍රල් 23දා පාර්ලිමේන්තුව විසුරුවන්න මෛත‍්‍රීපාල මහත්තයා පොරොන්දු වෙලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන් කරන්න  ඕනෑ. ජාතික ආණ්ඩුවක්  ඕන නැහැ. මොකද ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂගේ පවුල් පාලනයට විරුද්ධව විතරක් නෙවෙයි. මේ දූෂිතයින්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවටත් එරෙහිවයි ජනතාව ඡන්දය දුන්නේ. ඒ නිසා කුඩුකාරයින්ගෙන්, එතනෝල් කාරයින්ගෙන්, ස්ත‍්‍රී දූෂිතයින්ගෙන් පිරිලා ඉන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරලා ජාතික ආණ්ඩු හදන්න යන්නේ හොරු ටික ආරක්ෂා කරන්න. මේක කරන්න දෙන්න බැහැ. අනිවාර්යෙන් අපේ‍්‍රල් 23 පාර්ලිමේන්තුව විසුරුවිය යුතුයි.” අනුර දිසානායක මේ දිනවල පවත්වන රැලි මාලාවේදී කියයි. මේ අතර පසුගිය විසිපස්වනදා ජවිපෙ නායකයා සිටියේ මුලතිව් නගරයේය. ඒ ජනරැලියක් ඇමතීම සඳහා ගොස්ය.

මේ අතර මුලතිව් නගරයේ විවෘත කරනලද ජවිපෙ කාර්යාලයේ පළමු මහජන දිනය පැවැත්වූයේ පසුගිය විසිතුන්වනදාය. ඒ, සුනිල් හඳුන්නෙත්තිගේ ප‍්‍රධානත්වයෙනි. එහිදී ප‍්‍රදේශවාසීහු විශාල ප‍්‍රමාණයක් තම ගැටලූ විසඳාගැනීම සඳහා ජවිපෙ නියෝජිතයා මුණ ගැසීමට පැමිණියෝය.

“අපි මේ තරම් කාලයක් වෙන වෙන අයට කිව්වා අපේ ප‍්‍රශ්න විසඳලා දෙන්න කියලා. කවුරුත් අපේ ප‍්‍රශ්නවලට උත්තරයක් දුන්නේ නැහැ. ඒ නිසා තවත් අපිට ප‍්‍රශ්න කිය කියා ඇවිදින්න වෙලා මන්ත‍්‍රීතුමා” හඳුන්නෙත්ති හමුවීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුහු පිරිසක් කීහ. මේ අතර නන්දිකඩාල් කලපුවේ ඉස්සන් අල්ලන ධීවර පිරිසක්, එල්.ටී.ටී.ඊ. බැංකුවල රත්තරන් බඩු උගස් කළ පිරිසක්, ඉඩම් ගැටලූවලට සහනයක් බලාපොරොත්තු වූ පිරිසක්, විදුලිය නොමැතිව පීඩාවට පත්වූවන් පිරිසක්ද හඳුන්නෙත්ති මුණ ගැසුණෝය.




MOST VIEWED VIDEO STORIES

MORE >>