Back to Top

මම සුදු කොල්ලන්ට නම් කැමති නෑ.....

February 23, 2015  

මම සුදු කොල්ලන්ට නම් කැමති  නෑ.....

*මේ දවස්වල කොහොමද වැඩ කටයුතු?


මේ දවස්වල දෙරණ නාලිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයට  අමතරව “උතුම් පැතුම්“ ටෙලි නාට්‍යයේ සහ “හඳුනාගත්තොත් ඔබ මා“  යන ටෙලි නාට්‍යයේ රඟපානවා.





* රිතූ කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ  කොහොමද? 


කලා ක්ෂේත්‍රයට එන්න කලින් මම වෙළඳ දැන්වීම් සහ නිරූපණ ක්ෂේත්‍ර යේ හිටියා. ඒ හරහා තමයි මම කලා ක්ෂේත්‍රයට පිවිසියේ.



* කොහොමද නිරූපණ ක්ෂේත්‍රයයි රංගන ක්ෂේත්‍රයයි අතර තියෙන වෙනස?



දෙකම කැමරාවක් ඉස්සරහා තමයි කරන්න තියෙන්නේ. ඉතාමත් සතුටුයි කලා ක්ෂේත්‍රයට පැමිණීමට ලැබීම ගැන.  ඇත්තටම ගොඩක් හොඳයි  ක්ෂේත්‍රයන් දෙකම.



* නිරූපණ ක්ෂේත්‍රයත් එක්ක මොනවගේ අත්දැකීම්ද ඔබට ලැබුණේ?


ඇත්තටම නිරූපණ  ක්ෂේත්‍රයේ හමුවන අය දවසින් දවස වැඩි වෙනවා.අද වැඩ කරන කට්ටිය එක්ක නෙවෙයි හෙට වැඩ කරන්න තියෙන්නේ. ඒ  වගේ දේවල් තියෙනවා. විවිධ වු පුද්ගලයින් සමඟ රඟපෑම ජීවිතයට ලොකු අත්දැකීමක් ගෙන දෙනවා.



* නිරූපණ ක්ෂේත්‍රය ගැන සමාජය තුළ වෙනම වර්ගීකරණයක් තියෙනවා. ඒ ගැන  මොකද හිතෙන්නේ?


 
මම හිතන්නේ නිරූපණ ශිල්පිණියන්ට එහෙම කියන්න  හේතුව එයාලා අඳින පළඳින විදිය අනුවයි. අනිත් අයට වඩා කැපිලා පේනවා කොහේ  හිටියත්. ඒවත් එක්ක එහෙම කතා හදන එක සාධාරණයනයි කියලා මම හිතනවා. ලෝකයේ කොහේ හිටියත් මම හිතනවා මේ දේවල් වෙනවා.  අපි හිතනවා නිරූපණ ක්ෂේත්‍රෙය් විතරක් වෙන්න ඇති මේ වගේ දේවල් වෙන්නේ කියලා. මං හිතනවා අපි හරියට හිටියොත් අපි හරියට වැඩ  කළොත් ඒවා ගැන බය වෙන්න ඕන නෑ.




* නිරූපණ ක්ෂේත්‍රයෙයි රංගන ක්ෂේත්‍රයෙයි වෙනස මොනවගේද?


ඇත්තටම කිව්වොත් නිරූපණ ක්ෂේත්‍රය වගේ නෙවෙයි රංගන ක්ෂේත්‍රය. රංගන ක්ෂේත්‍රයේ ටිකක් විතර කට්ටක් කන්න තියෙනවා.


* දැන් ඉන්න නවක නිළියන් හෝ නළුවන් මුදල් පස්සේ පමණක් හබාගෙන යනවා කියලා අපි චෝදනවාක් එක්ක කළොත්?

ඒ දේට මම එකඟ වෙන්නේ නෑ. මම හිතන්නේ තියෙන කාර්යය බහුලත්වයක් එක්ක වැඩ කිහිපයක් බාරගන්නවා කියන්නේ මුදල් පස්සේ යනවා කියන එක නෙවෙයි. ඒ දේවල් කරන්න පුළුවන් වැඩ එන කාලයේදී විතරයි කියලයි මම හිතන්නේ. සමහරක් වෙලාවට ක්ෂේත්‍රයට එන නවක නළු නිළියන්  ඒ කාලය තුළදී උපරිම දක්ෂතාවයන් පෙන්වන්න තමයි මේ වගේ දේවල් කරන්නේ මං හිතන්නේ. ඒ ඇරෙන්න මුදල් පස්සේ යනවාද  කියලා කියන්න මට හිතෙන්නේ නෑ.



* ඇත්තටම ක්ෂේත්‍රයේ ඉන්න නළු නිළියෝ  කාර්යයබහුල  වෙන්නේ ජනප්‍රිය වෙන්න ඕන නිසාද? එහෙමත් නැත්නම් දක්ෂතාවය නිසාද?

මම ජනප්‍රියත්වයට වඩා වාසනාව කියන දේ පිළිගන්නවා. සමහර අය ජනප්‍රිය වෙන්නෙත් මොකක් හරි තියෙන වාසනාවකට. හැබැයි ලොකු  ගමනත් යන්න වෙන්නේ දක්ෂතාවය කියන කතාව.

* එතකොට  රිතු  ආකර්ෂාට වාසනාවක් තියෙනවාද? දක්ෂතාවයක් තියෙනවාද? එහෙමත් නොමැතිනම් රිතු ජනප්‍රියත්වය පස්සේ හබායනවාද?

ඇත්තටම මට ඕන වුණේ කරන වැඩේ හරියට කරන්න. ජනප්‍රිය නිළියක් වෙන්න නෙවෙයි. දක්ෂ රංගන ශිල්පිණියක් වෙන්නයි මට ඕන.

* ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දි ඔබගේ පාසල කොහේද? කොහොමද ළමාවිය ගතවෙන්නේ?

මගේ පාසල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය. පාසල් යන කාලයේදී රංගන ක්ෂේත්‍රයට නම් කිසිදු සම්බන්ධතාවයක් තිබුණේ නෑ. නමුත් මම  රංගනයට ආස කළා ඒ දින වල. ඉතින් මට ආසාවක් තිබුණා රංගන ක්ෂේත්‍රයට එන්න.  මගේ බලාපොරොත්තුව තිබුණේ ගුවන් සේවිකාවක්  වෙන්න.ආසවත් තිබුණා. අනතිමට මට හිතුණා මේක හොඳයි කියලා.




* කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය?

මට කවදාවත් පොඩි කාලයේ ඉඳළා ගෙදරින්  එපා කියන දේ කියලා නෑ. ගොඩක්ම මගේ තාත්තා කැමතියි මේ වගේ වැඩ වලට. මං හිතනවා මම  මොනදේ කරන්න පටන් ගත්තත් මට ගෙදරින් සහයෝගය අනිවාර්යයෙන් ලැබෙයි කියලා.


* රීතු පෙම්වතා සනීපෙන් ඉන්නවද?

තවම පෙම්වතෙක් නම් නෑ. මම තවම ඒ ගැන හිතලා නෑ.

* දැන් සහකරුවෙක් අනිවාර්යයෙන් හොයා ගන්න ඕනනේ. ගෙදරින් කියලා තියෙනවද මේ වගේ එක්කෙනෙක් තමයි හොයා ගන්න ඕන  කියලා?


ඇත්තටම මට  කියලා තියෙන්නේ හරිම ඔයාට හොඳ කෙනෙක් එක්ක හොයලා බලලා යාලු වෙන්න කියලා. හොඳයිනම් ඒක කරලා දෙනවා කියලා  තමයි කියලා තියෙන්නේ. 


* ඇත්තටම රිතු කැමති මොනවගේ ගතිගුණ තියෙන එක්කෙනෙකුටද?

ඇත්තටම ඒක කියන්න දෙයක් නෑ. හැමෝම කැමති හොඳ කෙනෙකුට. කවුරුත් කැමති නැහැනේ නරක කෙනෙකුට. මමත් කැමති හොඳ   කෙනෙකුට. එයාගේ ගතිගුණ හොඳ වෙන්න ඕන. හැමොමත් එක්කම හොඳින් ඉන්න පුළුවන් වෙන්න ඕන.  හරිම විනෝදයෙන්  සැහැල්ලුවෙන් ඉන්න ඕන කෙනෙක්ට තමයි මම කැමතියි. මම හිතනවා මම සුදු කොල්ලන්ට නම් කැමති  නෑ. නමුත් රූපේ මොනවගේද කවද  කොහේදී හම්බවෙයිද කියන්න මම දන්නේ නෑ. හමබ වුණ ගමන් මම කියන්නම් අනිවාර්යයෙන් දෙරණ ආලින්දයෙන්ම.


* ඔබට ඇත්තටම ආදර සම්බන්ධතාවයක් තිබුණේ නැද්ද?


ඇත්තටම පාසල් යන කාලයේදී ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ඒක දැන් අවුරුදු දෙකකට කලින් නතර වෙලා ගියා.




* කලා ක්ෂේත්‍රෙය් ඉදිරි බලාපොරොත්තු මොනවාද?    


කලා ක්ෂේත්‍රයට මම උපරිම සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම තමයි දායක වන හැම නිර්මාණයකදීම  උපරිම අයුරින් දක්ෂතාවය පෙන්වන්න තමයි මගේ බලාපොරොත්තුව.  




* ස්තුති කරන්න අය ඇති?

ඇත්තටම ගොඩක් අය මට මේ තත්ත්වයට එන්න ගොඩක් කට්ටිය උදව් කළා. මම ඒ හැමෝටම ස්තූති වන්ත වෙන්න කැමතියි.


MOST VIEWED VIDEO STORIES

MORE >>