Back to Top

දැන් ටිකක් ඉන්න අමාරුයි......

October 14, 2014  

දැන් ටිකක් ඉන්න අමාරුයි......

මෙවර දෙරණ වීට් මිස්  ශ්‍රී  ලංකා  කිරුළේ හිමිකාරිය ඇයයි. එහෙම කියනකොටම ඔබ දන්නවා ඇය කවුද කියලා. වෙන කවුරුත් නෙවෙයි ඉමායා ලියනගේ. මෙවර ආලින්දය හැඞගන්වන්න අපි ආරාධනා කළේ ඇයටයි.

 

  

*ඉතින් ඉමායා කොහොමද මේ දවස්වල කාර්ය බහුලද?

  

මේ දවස්වල නම්  ටිකක් කාර්යබහුලයි. ගොඩක්ම සමාජ සේවා කටයුතු වල තමයි මේ දවස්වල නියැලිලා ඉන්නේ.  ළඟදී  පැවැත්වෙන ජාත්‍යන්තර තරඟයකට යනකම්ම  ගොඩාක් කාර්යය බහුලයි.

 

 

*  මේ තියෙන කාර්යබහුලත්වයත් සමඟ එදිනෙදා වැඩ කටයුතු සැලසුම් කරලා තියෙන්නේ කොහොමද?

 

මෙහෙමයි  මගේ පෞද්ගලික ජීවිතයට කිසිදු බලපෑමන් නැති වෙන විදියට තමයි. මගේ වෘත්තීමට ජීවිතය සැලසුම් කරලා තියෙන්නේ.   හැබැයි මගේ ජයග්‍රහණයට කලින් හිටියා වගේ දැන් ටිකක් ඉන්න අමාරුයි. මොකද  ගොඩාක් දවස්වලට වැඩ වලට ආරාධනා ලැබෙනවා . ඉතින් කොහොම හරි දවස කළමනාකරණය කරගෙන ඉන්නවා. 

 

 

 

*   රූ රැජින තරඟාවලියක් සඳහා ඇයි ඔබට සහභාගී වෙන්න හිතුණේ?

 

ඇත්තටම පුංචි කාලේ මට ආසවක් තිබුණා.  කවදාහරි මේ වගේ දෙයකට සහභාගී වෙලා ජයග්‍රහණය කරන්න ඕන කියලා.  ඒ පුංචි ආසාව නිසා තමයි මං හිතන්නේ දවසින් දවස වැඩිවියට පත්වෙකොට ඒ ආසාව වර්ධනය වෙලා ආවේ. මං හිතුව මට ලැබිලා තියෙන දේවල් එක්ක ඒ කියන්නේ මගේ රූපයෙන් මගේ හැකියාවෙන්  මගේ දැනුමෙන් යමිකිසි දෙයක් මට කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා තමයි මං මේ තරඟයට අයඳුම් කළේ. මගේ වාසනාවට මේ තරඟයේ    ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වූණා.

 

 

* මේ සමාජයේ නිරුපණ ශිල්පිණියක් කිව්වාම ගොඩාක් දෙනෙක් වපර ඇසින් බලන්නේ? ඔබට හිතෙන්නේ මොකක්ද ඒකට හේතුව?

 

මං හිත්නනේ ඒකට බලපාන්නේ ලංකාවේ තියෙන සංස්කෘතිය කියන දේ. මොකද දැන් මේ වගේ තරඟයක් කියලා කිව්වාම   ඇත්තටම මිනිස්සුන්ගේ අවධානය යොමු වෙන්නේ බිකිනි ඇඳුම ගැන.  නමුත් මේක ජාත්‍යන්තර රට වලට ප්‍රශ්නයක් නොවෙයි. රූප රාජිනි තරඟයක් කියන්නෙත් ඇත්තටම අපේ රට නියෝජනය කරන එක් තරඟයක්. මොකද අපේ මේ පුංචි රට ලෝකයේ ගොඩක් රටවල් දන්නෙත් නෑ.  ඉතින් අපේ රටේ නාමය අපිට ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් ලෝක අවස්ථාවක් තමයි රූප රාජිනි තරඟයක් කියන්නේ.  ඉතින් මං හිතන්නේ මේක වැරදි ඇහැකින් බලන එක වැරදී.  මොකද මම මේ තරඟයට සහභාගී වුණ කෙනෙක් හැටියට දන්නවා. අපි මාස තුනක් තිස්සේ ලොකු කැප කිරීමක් කරලා  ලොකු මහන්සික් වෙලා හරියට කෑම බීම පවා කන්නේ නැතුව  නිදි මරාගෙන හැමදාම ලොකු මහන්සියක් ගත්තා. ඉතින් මේක වැරදි ඇසින් බලන එක වැරදී. මොකද අපිව මනින්න බෑ ඇඳුමකින්. අපි නාන ඇඳුමක් ඇන්දා කියලා , අපි ඒවා පාරේ ඇඳගෙන යන්නේ නෑ.    ඒක තරඟයකට විතරක් සීමා වුණ දෙයක් පමණයි.

 

 

 

 

 

* ඔබ දැන් ඉදිරියේදී ජාත්‍යයනතර තරඟාවලි සඳහා ඉදිරිපත් වෙන්න තියෙනවා. මොන වගේ සුදානමක්ද ඔබට තියෙන්නේ  සම්බන්ධයෙන්?

 

මේ දවස්වල සමාජ සේවා කටයුතු රැසකට සහභාගී වුණා. ඒ වගේම ලංකාවේ පරිසර තානාපතිනිය වගේම වනජීවි කටයුතු   පිළිබඳ අංශයෙත් තානාපති තනතුර මට ලැබුණා.  ඉතින් ඒ කටයුතු වලට තමයි මේ දවස්වල සහභාගී  වන්නේ. මේ දිනවල   නිරූපණ ක්ෂේත්‍රය පැත්ත සහ  රංගනය පැත්තට ටිකක්  යොමු වුණේ නෑ.    මම ලබන මාසයේ තමයි ජාත්‍යන්තර තරඟයකට සහභාගී වෙන්නේ.  ඉතින් ඒ වෙනුවෙන් තවත් සුදානම් වෙන්න තියෙනවා. ඒ වගේම ඉස්සල්ලා කිව්වා වගේ සමාජ සේවා කටයුතු වලට සහභාගී වෙනවා. ඒවා තමයි මේ දිනවල වෙන්නේ.

 

 

* ලංකාවේ විලාසිතා සහ ජාත්‍යන්තරයේ විලාසිතා ගැන ඔබ මොනවගේ අදහසක්ද තියෙන්නේ?

 

ජාත්‍යන්තරයේ තිබෙන ඇතැම්  විලාසිතා ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක ගැලපෙන්නේ නෑ. මොකද යම් යම් වෙනස්වීම් තියෙනවානේ. මෙහෙමයි  අපි ශරීරය නිරාවරණය වන විදයට ඇඳුම් අදින්නම අවශ්‍ය නෑ.  මොකද අපි විලාසිතා කරන්න ඕන.  නමුත් අපිට ගැලපෙන විදියට අපිට ලස්සන විදියට ඒවා කරාට කමක් නෑ. හැබැයි වෙනත් රටක තියෙන දේවල් ලංකාවට ගේන්න කලින් අපි බලන්න ඕන ඒක අපේ රටට ගැලපෙනවාද කියන එක.

 

 

* ගොඩක්  පුද්ගලයින් ජනප්‍රිය වුවාට පසුව දේශපාලනනයට එනවා. ඔබටත් එහෙම අදහසක් තියෙනවාද?

 

මෙහෙමයි ඇත්තටම මට ඔය ප්‍රශ්නේ ඇහුවාම   හිනත් ගියා. මොකද  මම මගේ කරන වැඩ සම්බන්ධයෙන්  අන්තර්ජාලයට එක් කරනවා. සාමාන්‍යයෙන්  මගේ තියෙන වැඩ කොටසත් එක්ක ඇතැම් විට දේශපාලඥයින් පවා හම්බ වෙන්න යන්න තියෙනවා.  ඒවත් මම අන්තර්ජාලයට  එකතු කරනවා. එතකොට ගොඩක් අය මගෙන් අහනවා දේශපාලනයට එන්නද හදන්නේ කියලා.  මම ලංකාවේ දේශපාලනයට කැමති නෑ. නමුත් මම දේශපාලනයට කැමතී. මොකද මම ලංකාව තුළ  බොහෝ දුරට දකින්නේ නෑ    ලංකාව වෙනස් කරන්න පුළුවන්  දේශපාලඥයෙක් බිහිවෙලා ඉන්නවා කියලා.  ඉතින් ඒ ගැන වැඩිය කතා නොකර ඉමු අපි. 

 

 

* පුද්ගලයෙක් ජනප්‍රිය වෙනකොට කටකතා හැදෙනවා. ඒ සම්බන්ධයෙන් මොනවගේ අදහස්ද තියෙන්නේ?

 

ගොඩාක් යුවතියෝ මේ දේවල්වලට බයයිනේ.  ඇත්තටම මෙහෙමයි ගමේ ඉඳළා කොළඹ අාවා කෙනෙකට ඇත්තටම සමාජයත් එක්ක ලොකු ගැටීමක් තියෙනවා.  ඒ කියන්නේ කටකතා හැදෙනා විතරක් නෙවෙයි සමාජය තුළ විවිධ වු ප්‍රශ්න වගේම ගැටලුවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.  නමුත් අපි දන්නවානම් අපි කළ යුත්තේ කුමක්ද. මොන විදියටද ඒවාට මුහුණ  දෙන්න ඕන කියලා. අපි කරන්නේ  හරිදේ නම් ඒ දේවල් කරාට ප්‍රශ්නයක් නෑ. තමුන් දන්නවානම්  තමුන් කරන්නේ හරි දේ කියලා ඒ දේවල් කරන්න කිසි දිනක බයවෙන්න එපා.  හැබැයි එහෙම බය වෙලා මේ ක්ෂේත්‍රයට එන්නේ  නැතුව  ඉන්න එපා. තමුන්ගේ තියෙන හැකියාවෙන් රූපයෙන් ප්‍ර යෝජනයක් ගන්න කියලා තමයි මම නම් කියන්නේ.

 

 

* ඉමායා ලියනගේ දැනට ආදරය කරනවාද? කාටද ආදරය කරන්නේ? 

 

කාටද ආදරය කරන්නේ.  ඒක ඇත්තටම ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. කාටද ආදරය කරන්නේ කියන එකෙත් යම්කිසි වටිනාකමක් තියෙනවා නේ. ඉතින් ඒකත් මම වෙලාව ආවාම අනිවාර්යෙන්ම ඔයාලට  කියනවා. 

 

 

 

 

 

* හරි  එහෙනම් කියන්න බලන්න ඔබට ලැබිලා ඉන්න ඕන සහකරුවා මොනවගේ කෙනෙක් වෙන්න ඕනද? 

 

අනිවාර්යයෙන්ම මට අවංක වෙන්න ඕන.  ඒ වගේම මට විශ්වාසවන්ත වෙන්න ඕන.  මම එයාට ආදරය කරනවාට වඩා අනිවාර්යයෙන් එයා මට ගොඩාක් ආදරය කරන්න ඕන.   මගේ හිතේ තිබුණා රූපයක්. මට වඩා උස වෙන්න ඕන,  මගේ පාටට සමාන වෙන්න ඕන, ඇඟිළි දිගට,  ඇත්තටම මම කැමතියි උසේ විදියට ශරීරයක් තියෙනවා ඕන. ඉතින් ඒ විදියට තමයි බාහිර රූපය.

 

* මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ ඔබේ පවුලේ සාමාජිකයින්ගෙන්?

 

මගේ පවුගේ ඉන්නේ අම්මයි, තාත්තයි , මමයි , මල්ලියි. මල්ලි තවම ඉගෙන ගන්නවා. එයා මේ අවුරුද්දේ     සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වෙනවා.  ඉතින් නිරූපණ ක්ෂේත්‍රයට ආවේ පුංචි කාලේ මට ආසවක් තිබුණා නිසා. ඒවාගේම  මට හිතුනා නිරූපණ ක්ෂේත්‍රයේ යම්කිසි දෙයක් කරන්න හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම මම මේ තරඟයට සහභාගී වෙන්න ඉස්සල්ලාත්   නිරූපණ ක්ෂේත්‍රයේ නියැලිලා හිටියා.  ඒ වගේම තමයි මම අම්මා ගැන කියනවානම්  ලොකු සහයෝගයක් මේ දේවල් වලට මට මුල  ඉඳළාම ලැබුණා. හැබැයි තාත්තගෙන් නම් ගොඩාක් කැමැත්තක් තිබුණේ නෑ.  එයා කිව්වේ තවත් ඉගෙන ගන්න කියලා.  මොකද මම දැනටමත් නීති ප්‍රවේශයට සුදානමින් සිටින්නේ. තාත්තත් මාධ්‍යයට සම්බන්ධ කෙනෙක් තමයි. ඒත්  ඉතින් එයා වැඩිය කැමති වුණේ නෑ මේ ක්ෂේත්‍රයට එනවාට. නමුත් මම ජයග්‍රහණය කළාම පස්සේ  නම් චූටි උදව්වක් තාත්තාගෙන් තියෙනවා .

 

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>