Back to Top

නළුවෙක් නොවුණානම් පිස්සු හැදෙයි....

July 14, 2015  

නළුවෙක් නොවුණානම් පිස්සු හැදෙයි....

හේමාල් කියන්නේ අලුත් පරපුරේ රංගන ශිල්පියෙක් අද අපි ආරාධනා කරලා තියෙන්නේ හේමාල් රණසිංහටයි.



* හේමාල් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?


හොඳින් ඉන්නවා. මේ දවස්වල ප්‍රවේග‍ය චිත්‍රපටියේ ප්‍රවර්ධන කටයුතු එක්ක තමයි ඉන්නේ.

* කොහොමද ප්‍රවේගය චිත්‍රපටියත් එක්ක හේමා‍ල්ට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම චිත්‍රපටිය හොඳයි. මම හිතුවේ නෑ චිත්‍රපටිය කරන කාලේ මේ වගේ ප්‍රතිචාර ලැබෙයි කියලා. මොකද මම හිතුවේ නෑ ඒ කාලයේ ප්‍රතිචාර ගැන. මට අභියෝගයක් වුණේ චිත්‍රපටියේදී මගේ චරිතයට උපරිම සාධාරණත්වයක් කරන්නයි.


* ප්‍රවේගය කියන්නේ ඉන්දියානු චිත්‍රපටියක ප්‍රතිනිරූපණයටක්. නමුත් ප්‍රවේගය මිනිස්සු ගොඩක් ආදරයෙන් වැලඳගත්තා. හේමාල් හිතන්නේ මොකක්ද ඒ ගැන.?

 ඇත්තටම සතුටුයි.මිනිස්සු  අපි කරපු නිර්මාණයකට ආදරය කරනකොට. නිහතමානී සතුටක් දැනෙනවා හැමෝම එකතුවෙලා කරපු වැඩේ ගැන.

* කට්ටක් කාපු කාලයක් හේමාල්ට තිබුණද?


ඔව්. අනිවාර්යයෙන් තිබුණා.

* ලංකාවේ නළුවෙක් ගැන ප්‍රථම වතාවට පුවත්පතක ප්‍රධාන සිරස්තලයක් යනවා. ඒ ඔබ ගැන. ඒක දැක්කම ඔබට මොකද හිතුණේ?


ඇත්තටම ගොඩක් සතුටුයි. මම හිතුවේවත් නෑ එහෙම එකක් ගැන. මට ලොකු ගෞරවයක් දැණුනා ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන් ගැන. මගේ ජීවිතයේ මම බලාපො‍රොත්තු නොවිච්චම දෙයක් ඒක. ඇත්තටම මාව ඒ වගේ තැනකට අරගෙන එන්න ඔවුන් දරපු ඒ උත්සහයට බොහෝම ස්තූතියි.


* හේමාල් නළුවෙක් නොවුනානම් කවුරුන් වෙලා ඉදියිද?

මගේ ජීවිතයේ හීන තිබුණේ එකයි. ඒක තමයි මේ හීනය. එතනින් පිට මම කිසිම දෙයක් ගැන හිතුවේ නෑ. මම නළුවෙක් නොවුනානම් පිස්සු හැදෙයි.

* ලංකාව තුළ වෘත්තීය මට්ටමෙන් රඟපාන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා හේමාල් හිතනවාද?


මම නම් හිතන්නේ ඒක තියෙන්නේ තමන්ගේ අතේ කියලා.  ඒ කාරණය ගැන බරපතළ විදියට මම හිතන්න යන්නේ නෑ.

* හේමාල‍්ගේ පෞද්ගලික විස්තර ටිකකුත් කියන්න බලන්න?

මගේ තාත්තා 2010 වර්ෂයේදී ජීවිතයෙන් සමුගත්තා. මගේ තාත්තා තමයි මගේ මේ ගමනේ මුදුන් මුල. දැන් වෙනකොට මගේ අරටුව වගේ ඉන්නේ මගේ අම්මා. ඔවුන් දෙදෙනා නිසා තමයි මම මෙතන ඉන්නේ. ඔවුන්ට මම හිස නමා ස්තූති වන්ත වෙනවා. මට සහෝදරයෝ තිදෙනෙක් ඉන්නවා. ඒයාලගෙන් වැඩිමහල් සහෝදරයේ දෙදෙනෙකුයි තව බාල සහෝදරයයි ඉන්නවා. මම පවුලේ තුන්වෙනියා.


* කොහොමද රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හේමාල්ට?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රසිකාවියන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අවංකවම මම සතුටු වෙනවා ඒ ගැන. ඒ විතරක් නොවෙයි මම ගරු කරනවා එයාලට. මොකද ඒක කෙනෙකුට සල්ලි දීලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ.

* හේමාල් පෙම්වතෙක්ද?

හරි. පෙම්වතෙක් නෙවෙයි. මේක බොරුවට කියන එකක් නෙවෙයි. ඇත්තට කියන එකක්. හැබැයි  පෙම්වතෙක් වෙලා ඉඳලා තියෙනවා. එහෙම ඉඳලා තියෙන්නෙත් බොරුවට නෙවෙයි. අද පෙම්ව‍තෙක් නොවන්නෙත් බොරුවට නෙවෙයි.


MOST VIEWED VIDEO STORIES

MORE >>