Back to Top

ඒක නිසයි මම ගොසිප් එකක් වුණේ....

June 24, 2015  

ඒක නිසයි මම ගොසිප් එකක් වුණේ....

දෙරණ ආලින්දයට හැමදාමත් වගේ අදත් අපි ආරාධනා කළ ලංකාවේ ඉන්න දක්ෂ පුද්ගලයෙකුට.  ඇය ජනප්‍රිය වෙන්නේ Boys over Flower කතා මාලාවේ ගුන්-ජැන්-ඩි චරිතය හරහා. එයා වෙන කවුරුත් නෙවෙයි ටනාකා තාරුකි.

* ඉතින් ටනාකා කොහොමද ජීවි‍තේ?


හොඳයි හොදින් ඉන්න‍වා මේ දවස්වල.

* ටනාකා ඔයා‍ගේ ගම කොහේද?


මම කොට්ටාවේ. මගේ තාත්තගේ ගම තමයි කොට්ටාව.

* ටනාකා ඔබ Boys over Flower කතාවේ හඬ කැවීමේ ශිල්පිණියක් විදියට එන්න ඉස්සල්ලා මොනවද කළේ?


මට අවුරුදු තුනේදී තමයි රඟපාන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ ටෙලි නාට්‍යයේ නම තමයි "අවුල් හැරය"  ඒ නාට්‍යයේ උපේකා කියන චරිතයට තමයි මම පණ පෙව්වේ.  ඇත්තටම ඊට පස්සේ මම එක එක රූප රචනා වලට පවා පෙනී සිටියා. කො‍හොම හරි අවුරුදු 10 විතර වෙනකම් මම රඟපෑවා. මගේ තාත්ති සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මට ඒ දේවල් වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා.


* ඇත්තටම ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය මොකක්ද?‍

"සැලමුතු සෙනෙහසේ" නිෂා කියන චරිතය, ඒ වගේම මායාවරුන්ගේ ලෝකය. ඒ වගේ ගොඩක් තියෙනවා.හැබැයි ටනාකා තාරුකි කියන කෙනා කවුද කියලා වැඩි වශයෙන් කතා බහට ලක්වෙන්න ගත්තේ Boys Over Flower  කතාමාලාව හරහා තමයි. ගොසිප් එකක් වුණේ  Boys Over Flowerකතාවෙන් තමයි.


* Boys Over Flower කතා මාලාවේ කොහොමද අත්දැකීම්?

ඩිලාන් අයියගේ සහ අනුරාධ අයියාගේ ආරාධනාව ඇතිව තමයි මම මේකට සම්බන්ධ වුණේ. එතැන් පටන් මට ලොකු සහයෝගයක් ඩිලාන් අයියා දුන්නා. ඇත්තටම වොයිස් කරනවාට වඩා අපි වෙන දේවල් කළේ. බැනගන්න එක. කෑම කාපු එක වගේ දේවල් තමයි ගොඩක් කළේ. ඇත්තටම කතාව අවසාන හරිය යනකොට අපිට දුකයි.ඒක නිකන් පිස්සුවක් ව‍ගේ මට. මගේ කාමරේ දොර පිටුපස්සෙත්  ගුජුන්පියෝගේ ෆොටෝ , බිත්තිවලයි ගහගෙන ඉන්නවා.

* Boys Over Flower කතාව ගැන ඔයාට මොකද හිතෙන්නේ?

මෙහෙමයි අයියේ Boys Over Flower කියන්නේ කොරියානු චරිතයක්නේ. ඒ සම්ප්‍රදාය ශ්‍රී ලංකීය සම්ප්‍රදායට වඩා වෙනසක් තියෙනවා. මමනම් හිතන්නේ ඒ රටේ විදියට එයාලා කරපු අති දැවැන්ත කතාමාලාවක් මේක. ඒ වගේම හොඳ සාධාරණ නිර්මාණයක්. ඒ කතාව ලංකාවට එනකොට අපිට පුංචි පුංචි නොගැලපීම් තිබුණා. නමුත්  විකාශන කරන්න පුළුවන් තරමට නිර්මාණය කළා දෙරණ හඬකැවීම් අංශයේ චරිත් කොතලාවල අයියා ඇතුළු දෙරණ හඬ කණ්ඩායම.

* කොහොමද පාසල් යන කාලේ ප්‍රේම සම්බන්ධතා තිබුණේ නැද්ද?

නෑ. මම පාසල් යන කාලයේ නම් කාත් එක්කවත් යාළ් වෙලා නෑ. මම බොරුනම් කියන්නේ මගේ අම්මගෙනුත් අහන්න එහෙම නැත්නම් පාසලේ ගුරුවරුන්ගෙනුත් අහන්න. 

* හරි එත්කොට දැන් පෙම් ආරාධනා එහෙම තියෙනවාද?

තියෙනවා ඉතින්.  තාම ඉතිව් ඒ වුණාට මට ප්‍රේමවන්තයෙක් නෑ.

* ටනාකා තාරකි ආඩම්බරයි කියලා කවුරුහරි කිව්වොක් පිළිගන්නවාද?

මම ආඩම්බර නෑ . ඕනම යාළුවෙක්ගෙන් අහන්න මම මෙනවගේ එක්කෙනෙක්ද කියලා. මම කාත් එක්ක හරි යාළු වුණොත් පුදුම  විදියට බැඳීමකින් ඉන්නේ. එහෙම ආඩම්බර නෑ මම.


MOST VIEWED VIDEO STORIES

MORE >>